දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන සමයේ රජයේ ආයතන දූෂණ සෙවීමට කොමිසමක් ජනපති පත්කරයි
Homeගොසිප්

යහපාලන සමයේ රජයේ ආයතන දූෂණ සෙවීමට කොමිසමක් ජනපති පත්කරයි

PropellerAds

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්...

ගල්කිස්සේ සුදු යකඩ කඩේට හොරෙක් ආපු හැටි (CCTV)
රමිත් රඹුක්වැල්ලගේ අනතුර සිදුවීමෙන් පසු (video)
පොත් ප්‍රදර්ශනේ නෝපාකින් -මෝර් ට්‍රැෆික් -ගරිල්ලා මාකටින්
2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දුෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදිවල ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි
නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හදුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඞී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ. 2015 ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව එක්ව ජන වරමක් ලබා දෙන ලද්දේ දුෂණය සහ වංචාව පිටුදැකීමට බව ජනාධිපති මාධ්‍ය ඒකක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සිය ධූර කාලය තුළ පියවර රැසක් ජනාධිපති විසින් ගෙන ඇති බැවින් එහි තවත් පියවරක් ලෙස මෙම කොමිෂන් සභාව පත් කිරීමට ක්‍රියා කර ඇත.

දුෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක්, යන තේමාව යථාර්ථයක් බවට පත් කිරීමට මෙම පියවර ද ඉවහල් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන සමයේ රජයේ ආයතන දූෂණ සෙවීමට කොමිසමක් ජනපති පත්කරයි
යහපාලන සමයේ රජයේ ආයතන දූෂණ සෙවීමට කොමිසමක් ජනපති පත්කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiclxzgsggzscVrQS-Y4-cnoKRfnF_xEcfVYglwU1UAXgAmJUmg7LX00ga5Yb8iZHEjpRXMrt2tWAeSURAZmpTxLXDYVnZxgYgZMAbR95SM3opjt_a9vASzqhtOILAcHpRhh02ZCdONSUU/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiclxzgsggzscVrQS-Y4-cnoKRfnF_xEcfVYglwU1UAXgAmJUmg7LX00ga5Yb8iZHEjpRXMrt2tWAeSURAZmpTxLXDYVnZxgYgZMAbR95SM3opjt_a9vASzqhtOILAcHpRhh02ZCdONSUU/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_788.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_788.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy