පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරීවරයාව සහ පොලිස් සැරයන්වරයෙකුව මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ල...
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරීවරයාව සහ පොලිස් සැරයන්වරයෙකුව මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ගණකාධිකාරී බී.එල්.ටී.වසන්ත කුමාර සහ පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රවර්ධන අංශයේ සේවය කරමින් සිටි පොලිස් සැරයන් 27716 ක්‍රිස්ටෝපර් නම් දෙදෙනෙකුවේ.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ල නවීකරණය කරන විට සිදුවී ඇති බව කියන මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශේෂ විමර්ශණ ඒකකය විසින් සැකකරුවන් දෙදෙනා ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි. එදිනම සවස ඔවුන් දෙදෙනාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
රජයේ දේපල වංචා කිරීම, කූට ලේඛණ සකස් කිරීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවන් කොළඹ විශේෂ විමර්ශණ ඒකකය විසින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොණු කර ඇත.
පුත්තලම - ජුඩ් සමන්ත
COMMENTS