ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ධුරයක් හිමිව තිබූ, හිටපු ඇමතිවරයෙක්ද වන ඒ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ධුරයක් හිමිව තිබූ, හිටපු ඇමතිවරයෙක්ද වන ඒ.එච්.එම් හිස්බුල්ලා මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.
ශාන්ත බණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ අතර පසුව ඔහු ජනාධිපතිවරයාගේ විශේෂ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙසත් ශ්‍රී ලංකා දැව සංස්ථාවේ සභාපති ලෙසත් පත්කරන ලදී.
COMMENTS