2019 ජනවාරි මස සිට පැනවූ කාබන් බද්දට රජයේ ඇතුළු සියළුම වාහන යටත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ. එහි දැක්ව...
2019 ජනවාරි මස සිට පැනවූ කාබන් බද්දට රජයේ ඇතුළු සියළුම වාහන යටත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණක් බවය.
රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව එහි සදහන්ය.
වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු ලබයි.
මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සදහා රුපියල් 1000/-ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000/-ක්ද, වසර 10කට වඩා පැරණි බස්රථ සඳහා රුපියල් 3000/-ක් වන පරිදී බදු ගෙවිය යුතු වේ.
COMMENTS