දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''ට්‍රිපනසොමා'' රෝගය වැළඳුණු සුනඛයින් දෙදෙනෙක් මෙරටින් හමුවෙලා
Homeගොසිප්

''ට්‍රිපනසොමා'' රෝගය වැළඳුණු සුනඛයින් දෙදෙනෙක් මෙරටින් හමුවෙලා

PropellerAds

මෙරට තුළ මෙතෙක් වා‍ර්තා නොවූ 'ට්‍රිපනසොමා' (Trypahasoma) නම් සුනඛ රෝගයක් මේ වනවිට බලන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, ...

ශිරාල්ට උදේ පාන්දරම, උපුල්ගෙන් අහගනී.
'පිං අගමැතිකම් එපා' : මහින්දගෙන් ප්‍රකාශයක්.
බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.
මෙරට තුළ මෙතෙක් වා‍ර්තා නොවූ 'ට්‍රිපනසොමා' (Trypahasoma) නම් සුනඛ රෝගයක් මේ වනවිට බලන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, මෙම රෝගය මිනිසුන්ටද වැලඳිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

 මේ වනතෙක් මෙම රෝගය මෙරටින් සොයාගෙන නොමැති අතර,  මෙම ට්‍රිපනසොමා (Trynanasoma) නම් රෝගය මිනිසුන්ටද වැලඳීමේ හැකියාව  ඇති බවත්, මෙම රෝගය අප්‍රිකානු රටවල මිනිසුන්ට වැළඳී ඇති බවට සාක්ෂි තිබෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඇස්වල රෝගයක් වැලදුණු ඇල්ශේෂන් වර්ගයේ සුනඛයෙකු මීට මාසයකට ප්‍රථම බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම
ප්‍රදේශයේ පශු වෛද්‍යවරයකු විසින් මෙම සුනඛයා පේරාදෙණිය පහු ශික්ෂණ රෝහලේදී රුධිර සාම්පල පරික්ෂා කිරීමට ලක්කිරීමෙන් අනතුරුව 'ට්‍රිපනසොමා' (Trypanasoma) රෝගය වැලදී ඇති බව තහවුරු කරගන තිබේ.  මීට සතියකට පෙර මුලතිව් ප්‍රදේශයෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල වෙත ගෙන ආ සුනඛයාගේද රුධිර පරික්ෂාවකින් අනතුරුව මෙම ට්‍රිපනසොමා (Trypanasoma) රෝගය වැලඳී තිබූ බවට හෙළි වී තිබේ.


මෙම රෝගය බෝ කිරීමට දායක වන වාහකයා වන (Testse Fly) නම් මැසි වර්ගය මේ වනවිට මෙරට වාර්තා වී නොමැති අතර, මෙම වාහකයා වෙනත් සතෙකු විසින් ගෙනයන බවත්, කියුලෙක්ස් (Culex) නම් මදුරුවා සහ රාත්‍රියට පමණක් එළියට පැමිණෙන කිසින් බග් (Kissing Bug) නමැති සතාගෙන් මෙම වාහකය පතුරුවන බවට දැනට සැක කරන බවත් දංගොල්ල මහතා සඳහන් කළේය.

මෙම රෝගය පතුරුවන්නේ ටෙට්සේ (Testse Fly) මැස්සාද, කියුලෙක්ස් මදුරුවා හෝ කිසින් බග්ද යන යන වග තහවුරු කරගැනීමට පරික්ෂණ අරඹා ඇති බවද ඔහු කීය. ව්‍යායාම නොකර අලසව සිටීම, ඇස් පෙනීම දුර්වල වී නිලංකාර වීම, ඇස් සුදු පාට වීම වැනි රෝග ලක්ෂණ ආදිය මෙම රෝගය සුනඛයෙකුට වැලඳී ඇති බවට දැනගැනීමේ රෝග ලක්ෂණ වන අතර, මෙම රෝගය වැලදී ඇති අප්‍රිකානු රටවල මිනිසුන්ගේ සමේ රෝග ඇති වීමක් වාර්තතා වී ඇති අතර, සුනඛයන් මගින් මිනිසුන්ට ඇතිවන රෝග අතරට මෙම රෝගයද එක් වී ඇතැයිද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට මෙරට මිනිසුන්ට මෙම රෝගය වැලදී ඇති බවට වාර්තා වී නොමැති අතර, මෙවැනිම රෝගයක් වන බ්‍රසැල්ලොසිස් රෝගය වැලඳුණු විට රෝග ලක්ෂණ  සරල වන බවත්, මෙම රෝගයේ බරපතළ රෝග ලක්ෂණ නොමැති නිසා ප්‍රතිකාර නොකරන අතර රෝගයට ප්‍රතිකාර ගන්නා අවස්ථාව වනවිට රෝගය විශාල වශයෙන් පැතිරෙන්නට ඉඩ ඇති බවත් දංගොල්ල මහතා පැවසීය.

මෙම රෝගය හා රෝග වාහකයා වන මැසි මදුරුවන් ගැන අරඹා ඇති පරික්ෂණ අවසන් වූ පසු සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන බවත්, තම නිවෙස් හා අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයගේ ඇස්වල යම් වෙනසක් දුටුවහොත් ළඟම ඇති පශු වෛද්‍යවරයාට පෙන්විය යුතු බවත් පැවසූ මහාචාර්යවරයා මෙම රෝගය සඳහා ප්‍රතිජීවක ඖෂධ තිබෙන අතර, ප්‍රතිකාර කිරීමට නොහැකි නම් වහාම පේප්රාදෙණිය පශු ශික්ෂණ රෝහලට සුනඛයා ගෙන රැගෙන එන ලෙසද අසෝක දංගොල්ල මහතා ඉල්ලා සිටියේය.

- චමිල් රූපසිංහ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''ට්‍රිපනසොමා'' රෝගය වැළඳුණු සුනඛයින් දෙදෙනෙක් මෙරටින් හමුවෙලා
''ට්‍රිපනසොමා'' රෝගය වැළඳුණු සුනඛයින් දෙදෙනෙක් මෙරටින් හමුවෙලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgskTZlJlio7x5D48l4M-7Sj8SoctpKLEIaJXq6IMVbJeeGCMmjjDpBLAHhE3fSByYMnSaCfzvWQfxsIrXl4gc8t90y1f-NMFDbbgqwtxoymnmy5wx1rdYC9mej7ki0FpvkEbHE6EigosA/s1600/maxresdefault.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgskTZlJlio7x5D48l4M-7Sj8SoctpKLEIaJXq6IMVbJeeGCMmjjDpBLAHhE3fSByYMnSaCfzvWQfxsIrXl4gc8t90y1f-NMFDbbgqwtxoymnmy5wx1rdYC9mej7ki0FpvkEbHE6EigosA/s72-c/maxresdefault.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_668.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_668.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy