විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු ඊයේ (21) අලුයම කටුනායක ගුවන්...
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු ඊයේ (21) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර , ඔවුන්ගෙන් එක් අයෙකු ත්‍රි රෝද රථ රියැදුරෙකු වන අතර , අනෙක් පුද්ගලයා රැකියා විරහිතව සිටින්නෙකි .
ඔවුන් ඊයේ (21) අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මොවුන් දෙදෙනා සිය ගමන් මලු වල රුපියල් විසි නව ලක්ෂ හතලිස් දහස් තුන් සීයයක් (29,40,300 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත ටොප් මවුන්ටන් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 53,460 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ බව රේගුව සදහන් කරයි .
(කටුනායක ටී.කේ.ජී.කපිල )

COMMENTS