ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් රාජිත කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිය තනතුරෙ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් රාජිත කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
කැස්බෑව ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා ලෙසද කොඩිතුවක්කු මහතා කටයුතු කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වන ලෙස ජනාධිපතිවරයාගේ තීරණයට කොඩිතුවක්කු මහතා දැඩි ලෙස කලකිරී ඇති බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.
COMMENTS