මහ බැංකු බැඳුම්කර වංචාවේ දෙවන සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් අලෝසියස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෝස...
මහ බැංකු බැඳුම්කර වංචාවේ දෙවන සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් අලෝසියස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෝසමක් මාර්ගයෙන් ඊයේ ඉල්ලා සිටියේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය මහබැංකු අධිපති ආනන්ද සිල්වා යන මහත්වරුන් නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙසයි.
එම නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනා මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවන් බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිර්දේශ කර ඇති බව එම ඉල්ලීමේ සදහන්.
අර්ජුන් අලෝසියස් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නිලධාරීන් දෙදෙනා අතරින් එක් අයෙකුට මේ වනවිට උසස්වීමක් ද ලබා දී ඇති බවයි.
එමෙන්ම එම නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර නොගැනීම සාධාරණ යුක්තිය ඉටු කිරීම පැහැර හැරීමක් බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය.
අර්ජුන් අලෝසියස්ගේ කරුණු දැක්වීම විමර්ශනවලට අදාළ වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම කරුණු දැක්වීම සිදුකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ ය.
ඒ අනුව එම කරුණු දැක්වීම පෙබරවාරි 25 වනදා සිදුකිරීමට නියමිතයි.
COMMENTS