2019 වර්ෂය මෙරට ආර්ථීකය ව්‍යවසනයට ලක්කළ වසරක් වනුඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවති උත...
2019 වර්ෂය මෙරට ආර්ථීකය ව්‍යවසනයට ලක්කළ වසරක් වනුඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රුපියල අවම ප්‍රමාණයට යෑම හේතුවෙන් පසුගිය වසර 3 හමාර තුළ ඩොලර්වලින් විදේශ ණය ගෙවීමට ඇති ප්‍රතිශතය තුනෙන් එකට වැඩිය වැඩි වී ඇතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම වසරේ ණය වාරික හා පොළිය බිලියන 2200 ක් පමණ ගෙවා දමා, රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවා දැමීමෙන් අනතුරුව තවත් යම් මුදලක් මෙරට සංවර්ධනයට ඉතුරු වේයැයි බලාපොරොත්තු විය නොහැකි බව ද රාජපක්ෂ මහතා පැවසීය.
මේ වසරේ ණය ගෙවීමට නම් රජයට විදේශීය ණය ලබා ගැනීමට සිදුව ඇති බවත්, මේ වසරේ අවසානය වන විට ආර්ථිකමය වශයෙන් විශාල ව්‍යවසනකාරී තත්ත්වයක් බවට පත්වන බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් “නොකෙරෙන ව්‍යවස්තාවක් ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ සියලු ප්‍රශ්න කතා කිරීම මඟහැරෙනවා නේද? “ යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, ජන මාධ්‍ය හා ජනතාව යන දෙපිරිසම හැසිරෙන්නේ බොළඳ විදියට යන්න පිළිබඳ ආණ්ඩුව දන්නා බවයි.
එනිසා දැවෙන ප්‍රශ්න යට ගහන්න නොකෙරෙන ව්‍යවස්ථා වාර්තාවක් ගෙනැවිත් රටේ ඇති සැබෑ ප්‍රශ්න වසා ගැනීමට උත්සහ දරා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS