පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ ද...
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේදී ඉකුත් දා පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන්ද සමඟ මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය යවා ඇත.
දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද එම විකල්ප ක්‍රියාමාර්ග වලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇතැයිද පැවැසේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට පවතින නෛතික ගැටළු විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවය.
COMMENTS