යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. 2017 වස...
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
2017 වසරේ ජුලි මස 04 වන දා ඔහු 22 වැනි යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර ඔහුගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණේ එළැඹෙන අගෝස්තු මස 19 වන දායි.
සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීයකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළු යුධහමුදා මෙහෙයුම්වල විවිධ නායකත්ව ස්ථාවරයන් යටතේ මහේෂ් සේනානායක මහතා සක්‍රියව සහභාගි වී තිබේ.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS