රුපියල් එක් කෝටි අනූ ලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක් (1,90,82,630) ක් වටිනා රත්තරන් තොගයක් හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් (Hydraulic Vehicle J...
රුපියල් එක් කෝටි අනූ ලක්ෂ අසූ දෙදහස් හයසිය තිහක් (1,90,82,630) ක් වටිනා රත්තරන් තොගයක් හයිඩ්‍රොලික් ජංගම වාහන ඔසවනයක් (Hydraulic Vehicle Jack) තුළ සගවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද (11) අලුයම 12.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , ඔහුගේ ගමන් මල්ලේ තිබූ මෙම වාහන ඔසවනය තුළ සගවා ගෙන තිබූ රත්තරන් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
එහි කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 013 ක් බර රත්තරන් කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
රේගු අධිකාරී විපුල ප්‍රනාන්දු මහතා විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS