වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේදී බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ මල්ලක් හමුවීමත් සමගම ආරක්ෂක අං ශ 2දා එම ප්‍රදේශය පුරා සෝ...
වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේදී බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ මල්ලක් හමුවීමත් සමගම ආරක්ෂක අං ශ 2දා එම ප්‍රදේශය පුරා සෝදිස්සි මෙහෙයුමක් දියත්කොට තිබේ.
මෙම මල්ල හමුවූයේ පොලීසිය දැක එක් පුද්ගලයෙකු මහමග දමා ගිය මල්ලක් පරීක්ෂා කිරීමෙන්පසුවය.
එම මල්ලේ තිබී අත් බෝමබ හතරක් පිස්තෝලයක් පිස්තෝල උණ්ඩ ජංගම දුරකත ඇතුළු තවත් බොහෝ දේ ඇතුලත්ව තිබුණි.මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වවුනියාවේ ආරක්ෂක අංශ වලට විශාල සැකයක් හටගැනීමත් සමගම ගමන් මල්ල දමාගිය පුද්ගලයා සෙවීම පිණිස සෝදිසි මෙහෙයුම දියත් කොට තිබේ.
මේ පිළිබදව පුලියන්කුලම පොලීසිය පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග යුද හමුදා නිලධාරීන් හා පොලීසියද පොලිස් විශේෂ කාර්ය බලකායද එක්ව පළාතේ කැලෑව පුරා සෝදිසි මෙහෙයුමක් දියත්කොට තිබේ.මේ සදහා පොලිස් නිල සුනඛයින්ද රැගෙන විත් තිබුණි.
(දිනසේන රතුගමගේ)
COMMENTS