රාජකාරි කාලය තුළ ෆේස්බුක් භාවිතා කරන මධ්‍යම පළාතේ රාජ්‍ය සේවකයන්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මහතා අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැ...
රාජකාරි කාලය තුළ ෆේස්බුක් භාවිතා කරන මධ්‍යම පළාතේ රාජ්‍ය සේවකයන්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න මහතා අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබිය.
ඒ, රාජ්‍ය සේවකයින්ගේ කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ කටයුතු අකර්මන්‍ය වන ආකාරය පැහැදිලි කරමින් ය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ඔන්න ෆොන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්. ගන්නවා ෆෝන් එක. ඊට පස්සේ යනවා ෆේස් බුක්. දැන් කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් පැය කීයක් හරියට වැඩ කරනවාද කියලා. වැඩ කරන මිනිහා පණ යනකම් වැඩ. නොකරන මිනිහා අයිස්. කවුරුහරි නිලධාරියෙක් වැඩ කරන කාලසීමාව තුළ ෆේස් බුක් වගේ ඒවා පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොත් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණය කරන්නේ. ජනතාවගේ සේවය උපරීම අන්දමින් ලැබෙන්න ඕනේ.” යනුවෙනි
COMMENTS