පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක 7 මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මා...
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක 7 මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත්, කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක මිලකටත්, පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයක මිලකටත්, මුං ඇට කිලෝවක් රුපියල් එකසීය අනූපහක මිලකටත් ලොකු ලූණු කිලොවක් රුපියල් එකසීය දහයක මිලකටත්, මිරිස් කරල් කිලෝව රුපියල් දෙසීය විස්සක මිලකටත් දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවලින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබාදී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මෙම මිල ගණන් අඩු කිරීම එළඹෙන පෙබරවාරි මස හත් වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි ලංකා සතොස මෙගා අලෙවිසැල් ඇතුළු ලංකා සතොස අලෙවිසැල් හාරසීය මගින් 400 ලබාගත හැකිබවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS