දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් ඉල්ලීමේ ක්‍රමයක් නෙවෙයි - සුමන්තිරන්
Homeප්‍රවෘත්ති

"ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් ඉල්ලීමේ ක්‍රමයක් නෙවෙයි - සුමන්තිරන්

PropellerAds

''ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් හෝ ස්වයං නිර්ණ අයිතිය ඉල්ලීමේ ක්‍රමයක් නොවන බව දෙමළ ජාතික සන්ධාන...

නො‍රොච්‍‍චෝ‍ලේ යළි යථා තත්ත්වයට
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට
හිටපු ජනපති යළි මොරගහකන්දට (PHOTOS)

''ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් හෝ ස්වයං නිර්ණ අයිතිය ඉල්ලීමේ ක්‍රමයක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ.සුමන්තිරන් මහතා යාපනයේදී පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව කරුණු පැහැදිලි කිරීම සදහා 12 දා රාත්‍රී යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති විශේෂ දේශනය ඉදිපත් කරමිනි.

ආගමික නායකයින් දෙමළ දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර මෙම සම්මන්ත්‍රණය සදහා ආරාධනාපත්  2000 ක් බෙදා තිබුණි.

තවදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් වෙනම රාජ්‍යයක් රටක් ඉල්ලන බවට පතුරවන ආරංචි කිසිම සත්‍යතාවයකින් තොර බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ක්‍රමයක් මිස වෙනත් දෙයක් නොවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා සිය දේශනයේදී විස්තර කළේය.

මෙය දෙමළ භාෂාවෙන් ''ඔරුමිත්ත නාඩු'' ලෙස හදුන්වන විටම සියළු දෙනා බියට පත් වී ඇති බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ඉතා හොදින් අවබෝධ කරගෙන දකුණේ සිංහල දේශපාලන පක්ෂ හා දකුණේ සෙසු සිංහල සහෝදරයින් නව ව්‍යවස්ථාවක් සකසා එය සම්මත කරගැනීම සදහා සහය දෙන ලෙසද ඉල්ලා සිටියේය.

උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදා හැරීම සදහා මේ රට තුළ විවිධ උත්සාහයන් පැවති බව  උදාහරණ සහිතව විස්තර කළ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉන් බොහොමයක් ඉතා ඈත අතීතයේ සිදුවූ ඒවා බව පෙන්වා දුන්නේය.

මෑත කාලීන ඉතිහාසයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  බලය බෙදා හැරෙන ක්‍රමයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට ද්‍රවිඩ එක්සත්  විමුක්ති පෙරමුණ විරුද්ධ වූ අන්දම ඔහු පහදා දුන්නේය.

ඒ කාල වකවානුවේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය එම යෝජනාවලිය පිළිබදව සෑහීමකට පත් නොවූ බවත් ඒ විරෝධය නිසාම දෙමළ ජාතික සන්ධානයටද නිහඩව සිටීමට සිදු වූ බව සුනම්තිරන් මන්ත්‍රීවරයා සදහන් කළේය.

මේ වන විට ලෝකයේ රටවල් 33 ක එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් කොට ඇති බව කී මන්ත්‍රීවරයා එය එසේ වී ඇත්තේ මන්දැයි යන්න විශාල ප්‍රශ්නයක් බවද කියා සිටියේය.

එදා එල්.ටී.ටී.ඊ.සංවිධානය ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමට සටන් කළ අවස්ථාවේදී  පැවතියේ වෙනම රාජ්‍යයක් යන සංකල්පය වූවත් මේ වන විට ඒ සියල්ල වෙනස් වී ඇති බව පැවසූ  සුමන්තිරන් මන්ත්‍රීවරයා ඕනෑම දෙයක කාලයෙන් කාලයට වෙනස් වන බවද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය උත්සහ කරණු ලබන්නේ ප්‍රජාතාන්ත්‍රීය රාමුව තුළ සිටිමින් ඒ ඔස්සේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන ක්‍රමයකට යාම බව පැවසූ මන්ත්‍රීවරයා ඊට ''ඔරුමිත්ත නාඩු'' යන නම භාවිත වීම පිළිබදව කිසිදු සැකයක් උපදවා ගත යුතුව නැතැයිද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන යන මේ උත්සාහයට විදේශ රටවල් ගණනාවක් සහය පල කිරීම නිසා ජාත්‍යන්ත්‍රය මේ ප්‍රශ්නය සමග දෙමළ ජාතික සන්ධානයට සිටින බවද ඔහු සදහන් කලේය.

ජාත්‍යන්තරය දෙමළ ජාතික සන්ධානය සමග මේ අවස්ථාවේ එක්ව සිටින්නේ මේ ජාතික ප්‍රශ්නය විසදාලීම සදහා ඔවුන්ටද උවමනාවක් ඇති නිසා බව කී හෙතෙම අතීතයේදී ඔස්ලෝ සාකච්ඡා වැනි සාකච්ඡා සියල්ල බිද වැටී අරමුණු රහිත ගමනක් ගිය බැවින් මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නය විසදීම සදහා ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමග සිටින බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරයාගේ එම දේශනය පැය එකහමාරක පමණ කාලයක් පැවැත්විණි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් ඉල්ලීමේ ක්‍රමයක් නෙවෙයි - සුමන්තිරන්
"ඔරුමිත්ත නාඩු'' යනු ඒකීය රාජ්‍යයක් මිස පෙඩරල් රාජ්‍යයක් ඉල්ලීමේ ක්‍රමයක් නෙවෙයි - සුමන්තිරන්
http://am.lk/media/k2/items/cache/f0a4619c7dcd1a8efa89dc56db419f93_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_383.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_383.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy