හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) මොරගහකන්ද ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය දැක බලාගැනීම සඳහා එහි ගොස් තිබේ. එහිදී ...
හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) මොරගහකන්ද ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය දැක බලාගැනීම සඳහා එහි ගොස් තිබේ.
එහිදී රාජපක්ෂ මහතා එම ව්‍යාපෘති වැඩබිමේ සිටි සේවකයින් සමඟ ද කතාබහ කර ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුකෙරෙන අයුරු ද නිරීක්ෂණය කර ඇති අතර මෙම අවස්ථාවට වෙනත් කිසිඳු දේශපාලඥයෙකු සහභාගී නොවීම ද විශේෂත්වයකි.
රාජපක්ෂ මහතා පොළොන්නරුව සෝමාවතී පුදබිමේ පැවති කඨින පිංකමකට සහභාගී වී ආපසු පැමිණෙන අතරතුර මෙලෙස මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය නැරඹීමට ගොස් තිබේ.
මොරගහකන්ද ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී වන අතර එම යෝජනාව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එම ආණ්ඩුව තුළ තමාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා එම ව්‍යාපෘතියේ මොරගහකන්ද වේල්ල සහ දියවර නිකුත් කිරීමේ මංගල උළෙලේදී පැවසීය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය නොසලකා හැර තිබියදී තමා කෘෂිකර්ම හා මහවැලි අමාත්‍යවරයාව සිටි සමයේ මෙම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අවශ්‍යතාව දැඩිව පෙන්වා දෙමින් එය ආරම්භ කිරීම සඳහා දැඩිව කැපවුණු බවයි.
ඡායාරූප පහතින්.
COMMENTS