දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප
Homeප්‍රවෘත්ති

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප

PropellerAds

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ...

යාපනයේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට එරෙහිව විරෝධතා..
ඉතිහාසයේ දැවැන්තම හොර අරක්කු ෆැක්ටරිය වටලයි.. දේශපාලඥයෙකුගේ යයි තොරතුරු
"යාල්දේවි" දුම්රියේ ගැටී හමුදාවේ 5ක් ජිවිතක්ෂයට- (photos)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (28) ඇප නියම කළේය.

රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.

ඇපකරුවන්ගෙන් එක් අයෙකු ළඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.

මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන අදාළව වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඩ්  මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.

2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 1/2කට අධික කාලයක් මොහොමඞ්  මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා රිමාන්ඩ් බාරයේ පසුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.

සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පෙනී සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වු මොහොමඩ් සිද්ධික්ට ඇප
http://am.lk/media/k2/items/cache/2aec5138d7016cef69e91c5327c93eb7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_270.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_270.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy