ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම වැරැදි පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් එමඟින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පරීක්ෂණය ...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම වැරැදි පූර්වාදර්ශයක් සපයනු ඇති බවත් එමඟින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පරීක්ෂණය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ පරීක්ෂණවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් ප්‍රජාතත්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් විශේෂයෙන්ම ආරක්ෂක අංශ ද සම්බන්ධ දේශපාලනමය සංවේදීතාව සහ දේශපාලන අවධානය ඉහළ පරීක්ෂණවලට සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බාධා එල්ල වනු ඇති බවත් එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් වැරැදිවලට දඬුවම් නොලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කරන බවත් එපමණක් නොව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් යුක්තියේ පිහිට පැතීම අධෛර්යමත් කරන බවත් එම සංවිධානය සඳහන් කරයි.
සිරකරුවකුට සමාව දීම සඳහා ජනාධිපතිවරයාට අයත් බලය අධිකරණ විනිශ්චය ක්‍රියාවලියකට යටත් බවත් අපරාධකරුවකුට සමාව දීමට පෙර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවිය යුතු බව එම සංවිධානය කියයි. එහෙත් මේ දක්වා එවැනි කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නැතැයි ද එම සංවිධානය පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් අධිකරණ තුළ එවැනි තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීමට හැකි බව මහජනතාවට ඒත්තු ගන්වන බව ද එම සංවිධානය කියයි.
පාර්ශව කිහිපයක්ම, විශේෂයෙන්ම ඇතැම් ආගමික නායකයන් බුද්ධ ශාසන අමාත්‍යවරයා හරහා ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී තිබෙන බවත් අපරාධකරුවකුට සමාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු නෛතික හැකියාවක් බුද්ධ ශාසන අමාත්‍යවරයා නැති බවත් එම සංවිධානය පෙන්වාදෙයි.
ඥානසාර හිමියන් බුදු දහමට විශාල සේවයක් කර ඇති බවත් එබැවින් උන්වහන්සේට ජනාධිපති සමාව දිය යුතු බව ඇතැම් පාර්ශව පෙන්වා දී ඇති බවත් කියන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයන්ගේ සංගමය ඥානසාර හිමියන් බුදු දහමට පටහැණිව රට තුළ ආගමික සහ වාර්ගික එකමුතුවට තර්ජනයක් වන අයුරින් ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති බවත් කියයි.
අධිකරණයට අපහාස කිරීම,
සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම යන චෝදනාවලට අමතරව ඥානසාර හිමියන්ට තවත් චෝදනා රැසක් තිබෙන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS