දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“දයාසිරි වෙන පක්ෂයක් දිනවන්න හදන්නේ.. ශ්‍රීලනිප අපේක්ෂකයින් අසරණ කළා” – දයාසිරිට ශ්‍රීලනිප අපේක්ෂකයින්ගෙන් විරෝධයක්!
Homeප්‍රවෘත්ති

“දයාසිරි වෙන පක්ෂයක් දිනවන්න හදන්නේ.. ශ්‍රීලනිප අපේක්ෂකයින් අසරණ කළා” – දයාසිරිට ශ්‍රීලනිප අපේක්ෂකයින්ගෙන් විරෝධයක්!

PropellerAds

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර ...

"ෆේස්බුක් පාවිච්චි කළොත් වීමය පරීක්ෂණයක් කරනවා" - රාජ්‍ය සේවකයන්ට මෛත්‍රීගෙන් අනතුරු ඇගවීමක්
කින්නියා වැලි ජාවාරම් වැටලීම : අතුරුදන් වූ සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම්
"ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කලකට පෙර " - රසල් අනෝල්ඩ්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර පැවැත්වීමට තිබූ හමුවක් ඊයේ (15) හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් එම හමුවට සහභාගී වූ පළාත් පාලන නියෝජිතයින් මහලේකම්වරයාට දැඩි අප්‍රසාදය පළ කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ඊයේ (15) අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවකදී පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම හමුව හදිසියේම අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයින්ට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති නමුත් ඇතැම් අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් නොවීම හේතුවෙන් ඊ‌‌යේ (15) අදාළ උත්සව ශාලාව වෙත පැමිණ සිටියා.

උත්සව ශාලාව රැස්වීම සඳහා සූදානම් කර තිබූ අතර, පැමිණි අපේක්ෂකයින් රැස්වීම සම්බන්ධයෙන් උත්සව ශාලාවේ කාර්යාලයෙන් විමසීමකදී කියා සිටියේ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතා විසින් රැස්වීම සඳහා උත්සව ශාලාව වෙන් කිරීමක් කළ බවත්, පෙරේදා (14) රැස්වීම අවලංගු කරන බවට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

මෙම  රැස්වීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දයාසිරි ජයසේකර මහතා සහභාගී වීමට නියමිත බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ පසුබිමික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පිරිසගෙන් බහුතරයක්ද රැස්වීම වර්ජනය කිරීමට සූදානම් වී සිටි බැවින් දයාසිරි ජයසේකර මහතා රැස්වීම අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇතැයිද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

රැස්වීමට සහභාගී වීමට අපේක්ෂාවෙන් පැමිණි  අනුරාධපුර මහ නගර සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර පළාත් පළාත් පාලන අපේක්ෂක, ජේ.එම් සමන් ප්‍රියන්ත ජයවර්ධන මහතා,   “අද අපේ මහලේකම්තුමා, සාකච්ජාවක් තියෙනවා කියලා දැනුම්වත් කළා, මෙතන්ට ඇවිත් බලද්දී කිසිම කෙනෙක් නෑ, එන්නේ නෑ කියලා පණිවිඩයක් දුන්නෙත් නෑ, අපේ ආසන සංවිධායකතුමා අපිව දැනුම්වත් කළා අද රැස්වීමක් තියෙනවා කියලා අපේ සියලුම අපේක්ෂකයින්ගෙන්, හැබැයි නෑ කියලා දැනුම්වත් කළේ නෑ,”

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය සභා අපේක්ෂක සමන් විජේතුංග මහතා,

“අපේ මහලේකම්තුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයින්ට රැස්වීමක් තියෙනවා කියලා කැඳවීමක් කළා අද (15) උදේ 09.00 ට, හැබැයි අපි ඇවිල්ලා බලද්දී කිසිම කෙනෙක් නෑ, ශාලාව සූදානම් කරලා තියෙනවා. ඊයේ(14) රෑ තමයි උත්සව ශාලාවට කියලා තියෙන්නේ රැස්වීම නෑ කියලා.මේ වැඩ නිසා අපි අසරණ වෙනවා.අපිට කැන්වසින් යන්න තියෙන වෙලාවේදී තමයි මේ රැස්වීමට එන්න ආවේ, අපේ පක්ෂයේ මහ ලේකම්තුමාගේ පණිවිඩය අහගෙන යන්න ආවේ, මම නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක්, අපේ ආසන සංවිධායකතුමා මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලනවා කියලා අපේක්ෂකයින්ගෙන් අත්සන් කරගෙන හෙලිකොප්ටරයෙන් ඒ නාමයෝජනාව භාර දුන්නා, එහෙම අසරණ කරද්දී මහලේකම්තුමත් අපේ පාක්ෂිකයෝ, අපේක්ෂකයෝ අතරමන් කිරීමක්ද කියලා ගැටලුවක් තියෙනවා.මොකද මහ ලේකම්තුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි කුරුණෑගල ඉල්ලන්නේ, වෙනත් පක්ෂයක් දිනවන්න අපිව අසරණ කරනවාද කියලා ගැටලුවක් තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා පක්ෂයේ අපේක්ෂකයෝ පරද්දන්න වැඩ කරනවා කියලා අපිට හැගෙන්නේ, ඡන්ද උණුසුම තියෙද්දී, අපේක්ෂකයෝ දැනුම්වත් නොකර රැස්වීම් අවලංගු කරද්දී, අපේක්ෂකයෝ අසරණ වෙනවා.මහ ලේකම්තුමා අපිව මඟ ඇරලා ගියා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ.අපේක්ෂකයින්ට මුහුණ දෙන්න බෑ නම් මහලේකම්තුමාට අපි ගැනම දුකයි” යැයි පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “දයාසිරි වෙන පක්ෂයක් දිනවන්න හදන්නේ.. ශ්‍රීලනිප අපේක්ෂකයින් අසරණ කළා” – දයාසිරිට ශ්‍රීලනිප අපේක්ෂකයින්ගෙන් විරෝධයක්!
“දයාසිරි වෙන පක්ෂයක් දිනවන්න හදන්නේ.. ශ්‍රීලනිප අපේක්ෂකයින් අසරණ කළා” – දයාසිරිට ශ්‍රීලනිප අපේක්ෂකයින්ගෙන් විරෝධයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisikaWITwIs7Pw_0n-lbB_CivRHdFucqpA_CnabNr4ILBT_LqIg9DnrUyetiBZUR0FJJkizG8dlqAIg6eegRgH_n7ll9CzKn8PbVi1Bi9Ipc2I-zdy9FF0fMhLn9rB--n6qq7vaR3IDHubajmiVAqpC-bv1ccoijFCAS_1PPwY909ouXJCOmdaqA/s320/Dayasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisikaWITwIs7Pw_0n-lbB_CivRHdFucqpA_CnabNr4ILBT_LqIg9DnrUyetiBZUR0FJJkizG8dlqAIg6eegRgH_n7ll9CzKn8PbVi1Bi9Ipc2I-zdy9FF0fMhLn9rB--n6qq7vaR3IDHubajmiVAqpC-bv1ccoijFCAS_1PPwY909ouXJCOmdaqA/s72-c/Dayasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy