දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරෝධය නොතකා කොස්ගොඩ මුහුදේ දිය නෑ අඹ යහළුවන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්
Homeගොසිප්

විරෝධය නොතකා කොස්ගොඩ මුහුදේ දිය නෑ අඹ යහළුවන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්

PropellerAds

අ ලුත් අවුරුද්දේ වැඩ පටන් ගැනීමට පෙර කන්දෙ විහාරය වැඳපුදාගෙන වැඩ පටන් ගැනීම හොඳ නේද ආත්තම්මේ කියා මගේ දෙපා වැඳ සමුගෙන අලුත් අවුරුද්ද ලැබූ ද...

විජයකලා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට!
විනීතා දමයන්ති සිසුවියට ජනපති අතින් කෘතිම අතක්.
ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.
ලුත් අවුරුද්දේ වැඩ පටන් ගැනීමට පෙර කන්දෙ විහාරය වැඳපුදාගෙන වැඩ පටන් ගැනීම හොඳ නේද ආත්තම්මේ කියා මගේ දෙපා වැඳ සමුගෙන අලුත් අවුරුද්ද ලැබූ දා පාන්දරින්ම ගෙදරින් පිටව ගිය මගේ
මුනුපුරා පෙට්‌ටියකින් ගෙදර ඒවි කියා හීනෙකින්වත් මා හිතුවේ නෑ. අනේ මම මේ දුක කොහොම ඉවසා දරා ගන්නද යෑයි" වයෝවෘද්ධ මාතාවක්‌ තැබූ විලාපයෙන් ඇල්පිටියේ ඇල්ල කළුගල්විල, අක්‌කර 50 ගම්මානයම මොහොතකට සසල විය.

 නව වසර උදාවී හෝරා කිහිපයක්‌ ගතවෙද්දී, අළුත්ගම කන්දෙවිහාරය වැඳ පුදා ගැනීමට ගොස්‌ එන අතරතුරදී කොස්‌ගොඩ මුහුදේ දියනෑමට ගොස්‌ අකාලයේ ජීවිතක්‍ෂයට පත්වූ ඇල්පිටිය ඇල්ල,
කළුගල්විල, අක්‌කර 50 ගම්මානයේ පදිංචිව සිටි දීමන්ත ඕෂාන් වීරසිංහ (19) තරුණයාගේ අකල් මරණය ගැන කම්පාවට පත්ව සිටි ඔහුගේ මිත්තනිය වන සමරකෝන් මුදියන්සේලාගේ හේමවතී (84) මහත්මිය තැබූ විලාපයයි ඒ.

 සිය මුනුපුරාගේ අකල් මරණයෙන් දැඩි කම්පනයට පත් හේමවතී මහත්මිය මෙසේද පැවැසුවාය. දීමන්ත පුතා මට වැඳල යනවිට මම කිව්වෙ අනේ රත්තරන් පුතේ මුහුදු වෙරළට නම් යන්න එපා කියලයි. එවිට පුතා මට පොරොන්දු වුණා අත්තම්මේ මුහුදු වෙරළට යන්නෙ නෑ කියල.

 දීමන්ත පුතාගේ අම්මා රට රැකියාවකට ගිහින්. එයා හිටියේ මගේ ලොකු දුව ළඟ. එයා එදා කන්දෙවිහාරයේ ඉදල ලොකු දුවට කෝල් කරලත් තියෙනවා.

 දීමන්ත එයාගේ ගජ මිතුරා වන වලිමුණිදේව සම්පත් බණ්‌ඩාර සමඟ ඔවුන් සේවය කළ කුරුඳුගහ වෑල්ඩින් වැඩපළේ හිමිකරු ඇතුළු පවුලේ සැම සමඟ නව වසර ලැබූ දා අළුත්ගම කන්දෙවිහාරය වැඳපුදා ගැනීමට ගොස්‌ නැවත එන ගමනේදී කොස්‌ගොඩ මුහුදේ දිය නෑමට ගොස්‌ සුළු වේලාවකදී අතුරුදන්වී ඇත.

 අනතුරුව කොස්‌ගොඩ පොලිසියේ නිලධාරීන් නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්‌වී ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට මෙහෙයුම් කළත් එම ප්‍රදේශයේ ඉතා රළු රළ පහර නිසා සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. අනතුරුව දින 2 කට පසු ඔවුන් දෙදෙනාගේ සිරුරු කොස්‌ගොඩ වෙරළට ගොඩගසා තිබිණි.

 ඇල්ල, කළුගල්විල ගමේදී උපත ලැබූ දීමන්ත ගා/තණබද්දේගම කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව ගා/ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරා ජාතික ආධුනිකත්ව පුහුණු අධිකාරියේ ඉගල්කන්ද වෘත්තීය පුහුණු අභ්‍යාස ආයතනයේ වඩු කාර්මික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර වෑල්ඩින් වැඩපළක සේවය කර ඇත.

 එම ආයතනයේ හිමිකරු පවුලේ අය සහ එහි සේවය කළ වලිමුණිදේව සම්පත් බණ්‌ඩාර (14) සහ දීමන්ත ඕෂාන් වීරසිංහ (19) සමඟ නව වසර උදාවූ දින අළුත්ගම කන්දෙවිහාරය වැඳ පුදා ගැනීමට ගොස්‌ නැවත එන අතරතුර දිවා ආහාරය ලබා ගැනීම සඳහා කොස්‌ගොඩ මුහුදු වෙරළ ආසන්නයේ නතර වූ අවස්‌ථාවේ ඔවුන් සමඟ සිටි අයගේ බලවත් විරෝධය මත මොවුන් දෙදෙනා ඇඳසිටි ඇඳුම් පිටින්ම මුහුදට පැන ඇත්තේ දියනෑම සඳහායි.

 එහෙත් නිමේෂයකින් ඔවුන් දෙදෙනා රුදුරු රළ පහරට හසුව දියඹට ගසාගෙන යන අයුරු වෙරළේ සිටි සැමදෙනා දැක ඇතත්, එම ප්‍රදේශයේ මුහුදේ රළු බව නිසා ඔවුන් බේරා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.

 දීමන්ත සමඟ එකට අවසන් ගමන් ගිය වැලිමුණි දේව සම්පත් බණ්‌ඩාර (14) කුරුඳුගහ, අනුරුද්ධගම අංක 40 නිවසේ පදිංචිව සිට ඇත්තේද තම සොහොයුරියගේ නිවසේය. ඔහුගේ මවද විදේශ රැකියාවක නිරත වී සිටී.

 2004 ජුනි මස 28 දා උපත ලබා ඇති සම්පත් බණ්‌ඩාර ගා/අනුරුද්ධගම කනිටු විදුහලේ 8 වසර දක්‌වා අධ්‍යාපනය ලබා පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන කුරුඳුගහ නගරයේ වෑල්ඩින් වැඩපළක කම්කරුවකු ලෙස මියයන තුරුම සේවය කර ඇත. මොවුන් දෙදෙනා කලක සිට එකම ආයතනයක රැකියාව කරමින්, එකට ගමන් බිමන් යමින් ජීවත්ව ඇත්තේ කළණ මිතුරන් මෙනි.

 මොවුන් දෙදෙනාගේ මරණ පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඉෂාරි ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වා දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් හා කම්පනයෙන් සිදුවූ මරණ බවට නිගමනය කරන ලදී.

 වලිමුණිදේව සම්පත් බණ්‌ඩාර (14) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 04 දා කුරුඳුගහහැතැප්ම පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. දීමන්ත ඕෂාන් වීරසිංහ (19) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 05 දා ඇල්ල, කළුගල්විල අක්‌කර 50 පවුලේ සුසාන භූමියේදී සිදුකරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරෝධය නොතකා කොස්ගොඩ මුහුදේ දිය නෑ අඹ යහළුවන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්
විරෝධය නොතකා කොස්ගොඩ මුහුදේ දිය නෑ අඹ යහළුවන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCpBJhB3dnOi8ypG_QuTJnfQnhx_qt-JBmh7Mf1JCHJExyOOlAylKfxhpRdr61c-863J9PXaVN570Bq34HngmMMivBtCLwPgf5ZEsVwHCLXP4nGO1awzurCp1KBL4uAlCddCfX1jwE2wU/s1600/firefox_2019-01-09_10-40-54.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCpBJhB3dnOi8ypG_QuTJnfQnhx_qt-JBmh7Mf1JCHJExyOOlAylKfxhpRdr61c-863J9PXaVN570Bq34HngmMMivBtCLwPgf5ZEsVwHCLXP4nGO1awzurCp1KBL4uAlCddCfX1jwE2wU/s72-c/firefox_2019-01-09_10-40-54.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy