දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි
Homeප්‍රවෘත්ති

ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි

PropellerAds

පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින් සාමකාමී දේශයක් සහ තිරසාර සංවර්ධනයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිප්‍රාප්ත ව...

සජිත් ආපහු එජාපයට එනවා නම් එතුමා යටතේ වැඩකරන්න මට කිසිම චකිතයක් නෑ - නවීන්
අලුත් ආණ්ඩුවට අන්තවාදින්ගේ සහය ගන්නේ නෑ…
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගත්තැයි පොලිසය වටලා විරෝධතා…
ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි

පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින් සාමකාමී දේශයක් සහ තිරසාර සංවර්ධනයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිප්‍රාප්ත වී අදට (8) සිවු වසරක් සම්පූර්ණ වෙයි.

පසුගිය 2015 වසරේ ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුදින (9) පස්වරුවේ කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මෙරට හයවන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර එයින් අනතුරුව මේ රටේ අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පදවිප්‍රාප්ත වී සිවුවසරක් සම්පූර්ණ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රටට සුබපතා රට පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (7) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනය පැවැති අතර ඊට අමතරව අද (08) උදෑසන දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

සාමය, සහෝදරත්වය සහ සංහිඳියාව සපිරි රටක් බවට පත්කරමින් අනාගත පරපුරේ අභිලාෂයන් ඉටුකිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට අද වනවිට වසර හතරක් සම්පූර්ණ වන අතර ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම උදෙසා දැවැන්ත වැඩකොටසක් කළ සිවු වසරක් ලෙස ද පසුගිය වසර හතරක කාල පරිච්ඡේදය ඉතිහාසයට එක්වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පසුගිය 2015 වසරේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණයෙන් පසුව දින සියයක වැඩසටහනක් ප්‍රකාශයට පත්කරමින් රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ මඟින් සෑම ජනකොටසකටම සහන රැසක් ලබාදෙන්නට හැකියාව ලැබිණි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයකු සතු විධායක බලතල සීමා කරමින් 19වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ අතර එවැන්නක් කළ පළමු රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක දේශපාලන ඉතිහාසයට එක්වෙයි.

ජනතා අභිලාෂයන් ඉටුකිරීමෙහිලා ප්‍රමුඛත්වය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රමුඛ රජය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අවම කිරීම, රුපියල් 10,000 කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, ජාත්‍යන්තරයෙන් අපේ රටට එල්ලවූ අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාකිරීම, අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට පියවර ගැනීම, තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම, රාජ්‍ය සේවාව විනිවිද කිරීමට පියවර ගැනීම, අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල ගණන් පහත හෙළීම ඇතුළු සහන වැඩපිළිවෙළ රැසක් ජනතා හිතසුව පිණිස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්, වගවීම පෙරටු කරගත් යහපාලනය ස්ථාපිත කිරීම් ඇතුළු ‍බොහෝ ජනතා අභිලාෂ දිනවීම වෙනුවෙන් පෙරටවිත් මෙරට පොදු ජනතාවගේ ජනාධිපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව සිටින අතර ඒ මහතාගේ සිවුවැනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් කිසිදු බේදයක් නොමැතිව රට පුරා විවිධ සමරු උත්සව, පින්කම්, ශ්‍රමදාන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි
ජනපති පදවිප්‍රාප්තියට සිවු වසරයි
http://am.lk/media/k2/items/cache/d5208b23bf821dff15d71bc386471b77_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_227.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_227.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy