ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ ලිපිය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ රටේ බහුතර පිරිසක් විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සහ කණ්ඩායම් සමග එකතු වීමට විරෝධය පළ කරන බවය.
හිටපු ජනාධිපතිනිය පවසන්නේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෘජු ස්ථාවරය බවය.
රටේ බහුතර පිරිසක් ප්‍රතික්ෂේප කළ පක්ෂ සහ කණ්ඩායම් ලෙස ඇය හඳුන්වා ඇත්තේ 2015 ජනවාරි 08 ප්‍රතික්‌ෂේප කළ කණ්ඩායම ය.
2015 ජනවාරි 08 සන්ධානයට තමන් ද්‍රෝහි නොවන බවද හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කර තිබේ.
චන්ද්‍රිකා යැවූ ලිපිය සමග ඇය හමුවූ ශ්‍රීලනිප සංවිධායක වරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් ද මෛත්‍රීපාල ජනාධිපතිවරයා වෙත යවා තිබේ.
එහි සඳහන් වන්නේ පක්ෂය කැඩූ පක්ෂයට ද්‍රෝහීව ක්‍රියා කළ ජාතිවාදී කණ්ඩායම සමග මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමගද එකතු වීමට විරුද්ධ බවයි.
මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙසද සංවිධායකවරුන්ගේ ලිපියේ දැක්වේ.
එම ලිපිය පහතින්,
COMMENTS