මේ වසරේ ගත වු පළමු මාස 8 තුළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 1570ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ...
මේ වසරේ ගත වු පළමු මාස 8 තුළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 1570ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බවත් ඊට අමතරව ෆේස්බුක් ගිණුම්වලට අනවසරෙයෙන් ඇතුළු වීම පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මාධ්‍ය ප්‍රකාශක, ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.
ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිළිබඳ සොයා බලා මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර මේ වසරේ ගත වු කාලය තුළ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම පිළිබඳව පැමිණිලි 6ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසී ය.
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව ද පැමිණිලි පහක් පමණ මේ වසර තුළ ලැබී ඇති බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS