මෙරට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ප්‍රාදේශීය දේශපාලඥයින් ඝෘජුව සම්බන්ධ බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය...
මෙරට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ප්‍රාදේශීය දේශපාලඥයින් ඝෘජුව සම්බන්ධ බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්කුඩු ජාවාරම්කරුවන්ට දේශපාලඥයින්ගෙන් රැකවරණය හිමිවන බවයි.
සැමතැනම තණකොල පවතින බවත් එසේ තණකොළ පැවතියත් ඒ සඳහා ඉල්ලුමක් මිනිසුන්ට නොපවතින බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පැවසීය.
තණකොළ ඉබේ වැවෙන බවත් මිනිසුන්ට තණ කොළ කෑමට ඉල්ලුමක් පවතින්නේ නම් තණකොළ සියල්ල ඉවර වී යන බවත් මිනිසුන් ගොන්නු නොවන නිසා තණකොළ නොකන බවත් ඔහු පැවසීය.
කුඩු,අයිස්,කැනබිස් වැනි මත්ද්‍රව්‍ය සැපයුම පැමිණෙන්නේ කොතැනින් දැයි විමසමින් මත්ද්‍රව්‍ය තිබෙන්නේ කොතැනදැයි සැවොම දන්නා කරුණක් වන බවත් ඔහු පැවසීය.
ප්‍රාදේශීය දේශපාලඥයින්ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට සෘජුව සම්බන්ධ බව ප්‍රකාශ කලේය.
මේ සම්බන්ධයෙන් කථා නොකරන්නේ නම් කිසි දිනෙකත් මෙවැනි ගැටළු විසඳිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
ඔහු පැවසූවේ කුඩු ව්‍යාපාරයේ නියැලීමට අවස්ථාව හිමිව තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට දේශපාලන රැකවරණය හිමිවීම හරහා බවයි.
කුඩු මත්ද්‍රව්‍යයට විරුද්ධව සටන් කරන්නේ නම් කුඩු භාවිතා කරන්නන්ව ලඟ තබා නොගැනීමටත් කුඩු මත්ද්‍රව්‍යය ගන්නා පුද්ගලයින්ට දේශපාලන රැකවරණය ලබා දෙන දේශපාලඥයින් ලඟ තබා නොගන්නත් තනතුරින් ඉහළම තැන සිට පහළම තැන දක්වා වන දේශපාලඥයින් දැන ගත යුතු බවත් ඔහු පැවසීය.
COMMENTS