යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට උසස් කෙරුණු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සුබ පතමින් ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩයේ කරුණු වල ව...
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට උසස් කෙරුණු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සුබ පතමින් ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩයේ කරුණු වල වරදක් නිසා එය ඉවත් කිරීමට ජනපති මාධ්‍ය අංශය කටයුතු කර තිබිණ.
පළමු පණිවිඩය දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය වැරදීමකින් සටහන් කර තිබුණේ ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට උසස් කෙරුණු බවය.
නමුත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සැබැවින්ම පත්කර තිබුණේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයටය .
වැරදීම වටහා ගත් ජනාධිපති මාධ්‍ය අංශය එම ට්විටර් පණිවිඩය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
COMMENTS