"අද රනිල් වික්‍රමසිංහ මහතා බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ." යැය...
"අද රනිල් වික්‍රමසිංහ මහතා බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ." යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
ඒ ඊයේ නෙලූම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට පැමිණීමෙන් පසුවය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා,
මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. අපි ආණ්ඩුව භාර ගැනීම හොදයි කියන කට්ට්යත්, හොද නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන්තොටුපල වරාය බංකු වගේ රටේ සම්පත්වි කුණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුනේ.ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා. අද රනිල් වික්‍රමසිංහ මහතා බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ. අපි ජනතාවට බදු සහන දුන්න එක ඇත්ත. පොහොර සහනාධාරය දුන්නේ මේක කෘෂිකාර්මික රටක් නිසයි. අපිට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය වුනේ. තිබුණු ආණ්ඩුව ජනතාවට තෙල් අඩු මිලට දුන්නේ නැහැ. අපි මිල අඩු කරපු නිසා මේ අයත් දැන් මිල අඩු කරන්න පටන් ගත්තා. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා."
"ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යයේ නම් කියමින් පාර්ලිමේන්තුවේදී පහර ගහනවා. අද එක් එක් මාධ්‍ය ආයතනවල පලිගැනීම් අරඹලා. තෝරාගත් ආයතනවලට රජයේ දැන්වීම් දීම නතර කරලා. තමන්ට ඕන ප‍්‍රවෘත්ති විතරක් පලකරන තත්ත්වයක් හදා ගන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඊට වඩා ශක්තිමත්ව මොවුන්ගේ මර්දනයට එරෙහිව නිවෙස්වලට ගිහින් හරිජනතාව දැනුම්වත් කරනවා. නව වසර සුබ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනා කරනවා." යනුවෙන් ඔහු පැවසීය.
COMMENTS