පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝල...
පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි එක්වීමට නියමිතය.
මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාව මාලදිවයින් ජනපතිවරයා විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව ඔහු පෙබරවාරි 03 දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. මාලදිවයින් ජනපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කළ පළමු නිල සංචාරයද මෙය වෙයි.
නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව ජනවාරි මස 26, 27, 31 සහ පෙබරවාරි මස 1,2,3 පෙරවරු 6.30 සිට පස්වරු 1.00 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇත.
COMMENTS