කැබිනට් මණ්ඩලය තවමත් නැහැ නව අගමැති පත්වී දින 4 ක් ගතවුවත් තවමත් රටට කැබිනට් මණ්ඩලයක් පත් කර නැත. එක්සත් ජාතික පක්ෂය සදහන් කළේ කැබිනට්...
- කැබිනට් මණ්ඩලය තවමත් නැහැ
නව අගමැති පත්වී දින 4 ක් ගතවුවත් තවමත් රටට කැබිනට් මණ්ඩලයක් පත් කර නැත.
එක්සත් ජාතික පක්ෂය සදහන් කළේ කැබිනට් අමාත්‍යධුර 30ක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත් ඇතුලත්ව තිබිණි. නමුත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
- ජනපති ඉල්ලා අස්විය යුතුයි - වෙල්ගම
ව්‍යවස්ථාව උල්ලංගණය කළ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
- විපක්ෂ නායකවරු දෙදෙනෙක්
"ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක ධුරයට පත් කළා. ඒ පත්වීම කළේ මාව ධූරයෙන් ඉවත් කිරීමෙන් තොරවයි. එම නිසා දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරු දෙදෙනෙක් ඉන්නවා." යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවසිය.
- IPL- ක්‍රීඩක වෙන්දේසිය අවසන්
2019 IPL- ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අවසන් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් අළෙවි වූ එකම ක්‍රීඩකයා වුයේ ලසිත් මාලිංගය. මාලිංගව ඉන්දීය රුපියල් කෝටි දෙකකට මිලට ගනු ලැබුවේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමය විසිනි. වෙන්දේසියට ඉදිරිපත් කල ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරාගේ මිල දී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් වුයේ නැත. වෙන්දේසියේ වැඩිම මිලකට අලෙවි වු ඉන්දීය ක්‍රීඩකයින් වුයේ “වරුන් චක්‍රවර්ති” හා “ජාඩේව් උනාඩ්කාට්”ය.
- ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක්
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් විය. එහිදී කුසල් මෙන්ඩිස් (නොදැවී 141) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 120) ක් රැස් කළේය. එය වාර්තා පොත් අතරට එක්වන්නේ වසර 10 කට පසුව කඩුල්ලක් නොදැවී දිනය අවසන් කල ටෙස්ට් තරගයක් ලෙසිනි. තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් සිය ශතකය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයටද ලක් විය. ඇතැම් ක්‍රීඩා ලෝලීන් මත පල කලේ එය හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශයට මෙය පිළිතුරක් බවයි.
එම වීඩියෝව පහතින්,
COMMENTS