දුම්රිය මාර්ග අසළ වන අලි ගැවසෙනවා ද යන්න කෙටි පණිවුඩ මගින් රියැදුරන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලස...
දුම්රිය මාර්ග අසළ වන අලි ගැවසෙනවා ද යන්න කෙටි පණිවුඩ මගින් රියැදුරන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
වන අලි දුම්රියේ ගැටී මියයාම වැළැකීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කරන තෙක් නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇති.
එම කමිටුවේ සාමාජික ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, අදාළ කෙටි පණිවුඩ ජාලය සම්බන්ධීකරණය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද පිහිටුවන බවයි.
මීට අමතරව අදාළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියට යෝජනාවක් යොමු කර ඇති බව ද ඉරෝෂ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, කමිටු නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
COMMENTS