දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !
Homeප්‍රවෘත්ති

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !

PropellerAds

වෙ නත් අක්මාවකින් කොටසක් උපයෝගී කරගෙන වයස අවුරුදු 9ක් වන දැරියකගේ ජීවිතය බේරා ගනිමින් මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධය සිදුකිරීමට උතුරු කොළඹ ශික...

ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා - බලශක්ති ඇමති මාධ්‍ය හමුවක
තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී!
වෙනත් අක්මාවකින් කොටසක් උපයෝගී කරගෙන වයස අවුරුදු 9ක් වන දැරියකගේ ජීවිතය බේරා ගනිමින් මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධය සිදුකිරීමට උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන ඇතුළු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හැකිවිය.

මෙම දැරිය සීරෝසීස් රෝගයෙන් දීර්ඝ කාලීනව පීඩා විඳි දැරියකි.

දරුවකුගේ අක්මා බද්ධ කිරීමක් ශ්‍රී ලංකාවේදී සාර්ථකව සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ සාර්ථක 50 වැනි වැඩිහිටි අක්මා බද්ධ කිරීමද මේ සමඟම සුවිශේෂී ලෙසින් සටහන් වෙයි.

මෙරට පළමු වරට සිදුකරන ලද කුඩා දරුවකුගේ අක්මා බද්ධ කිරීමේ සැත්කම සහ එහි ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී අක්මා බද්ධ සැත්කමට දායක වූ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සැත්කම පිළිබඳ කරුණු දැක්වූහ.

දුර්ලභ ජානමය පසුබිමක් සහිත අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයකින් කුඩා කල සිටම පෙළෙන මෙම කිශානු නමැති දැරිවිය යාපනයේ දුෂ්කර ග්‍රාමයක උපත ලබා ඇති අතර සාර්ථක ශල්‍යකර්මයකින් පසුව එම කුඩා දැරියත්, අක්මා දායක කළ ඇගේ 38 හැවිරිදි මවත් මේ වනවිට උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සුවය ලබමින් සිටිති.

පසුගිය වසරක කාලයක් පුරා කිශානු දැරියගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස දුර්වල තත්ත්වයට පත්ව තිබූ හෙයින් ඇයට ශෝචනීය ලෙස දීර්ඝ කාලයක් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබිණි. ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය බවටය. නමුත් ඇයට සහනයක් සැලසීමට තිබූ ප්‍රධානතම බාධකය වී ඇත්තේ ඒ වනවිට ලංකාව තුළ ළමා අක්මා බද්ධ කිරීමේ ක්‍රමවේදයක් සකස් නොවී තිබීමයි. එම නිසා එම මවුපියන්ට තිබූ එකම විසඳුම වී ඇත්තේ විදේශ රටකට ගොස් එම ශල්‍යකර්මය සිදුකර ගැනීමය.

ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හමුවේ එය ඔවුන්ට සිහිනයක් පමණක් වී ඇත. එබඳු පසුබිමක වෛද්‍ය වී. තුෂාන්තන් සහ වෛද්‍ය කේ. අරුල්මොලි යන විශේෂඥ වෛද්‍යවරුන් මෙම දරුවා රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයට යොමු කළ පසු දරුවාගේ රෝගී තත්ත්වය අධයනය කළ උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමට අවබෝධ වී ඇත්තේ 38 හැවිරිදි ඇගේ මව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

ඇය දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තම අක්මාවෙන් කොටසක් ලබාදීමට දායක වීමට කැමැත්තෙන් සිටින බවත්ය. ඒ අනුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ඇතුළු ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ජූලි 14 වැනි දින මෙම දරුවාට සංකීර්ණ ශල්‍යකර්මය සිදුකොට ඇති අතර ඊට පැය 12කට වඩා වැඩි කාලයක් ගත වී ඇත. මෙම ශල්‍යකර්මය සඳහා දිවයින පුරා වෙසෙන බොහෝ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සහාය දක්වා ඇත. සාර්ථක ශල්‍යකර්මයකින් පසු දරුවා දැඩිසත්කාර ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත. උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ විශේෂ දැඩිසත්කාර ඒකකවල තිබූ අඩුපාඩුව හේතුවෙන් දරුවා වත්තල හේමාස් රෝහල වෙත යැවීමට තීරණය කොට ඇත. එහිදී දින 7ක් තුළ සිදුකළ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට එම රෝහල සියලු කටයුතු යොදා ඇත.

මේ වනවිට දරුවා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සුවය ලබමින් ඇයගේ මව සමඟ කාලය ගත කරන අතර ඇයගේ මවුපියන් සහ පවුලේ සාමාජිකයන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත අතිශය කෘතඥාව පළ කරයි.

මෙම අක්මා බද්ධ සැත්කම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රමුඛ හතකගෙන් යුත් ප්‍රධාන ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු, නිර්වින්දන, හෙද, ළමා රෝග අංශයේ වෛද්‍ය හා හෙද කණ්ඩායම්, විකිරණවේදී, ශල්‍යාගාර හෙද කාර්ය මණ්ඩලය සහ හේමාස් රෝහලේ කාර්ය මණ්ඩලයද සහයෝගය ලබාදී ඇති අතර ඔවුන්ගේ සේවය අගයමින් සමරු සිහිවටන ලබාදීමද විය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරුන් කියා සිටියේ උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය වශයෙන් ඔවුන් තුළ ශල්‍යකර්ම සිදුකිරීම හා පසු ප්‍රතිකාර කිරීම පිළිබඳ ඔවුන්ගේ ඇති විශේෂඥ දැනුම හා අත්දැකීම් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින  බවයි. අවශ්‍ය යටිතල පහසුකම් සහ නවීන උපකරණ වන්නේ නම් විශේෂයෙන්ම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය වශයෙන් ඔවුන් සිදු කරගෙන යන මේ කර්තව්‍යය තවත් මල්ඵල ගැන්වෙන බවත් බලධාරීන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමඳ සහයෝගය ලදුව අංගසම්පූර්ණ, පහසුකම් සහිත අක්මා බද්ධ කිරීමේ ඒකකයක් නුදුරු අනාගතයේදී රටට දායක කිරීමට ඔවුන් යුහුසුලුව බලා සිටින බවත්ය.

“මට අලුත් අක්මාවක් සමඟම අලුත් ජීවිතයක් ලබාදුන් ඔබට ස්තුතියි. ඔබ මට ඉටු කළා මෙන් හොඳම දෙයක් ලෝකයට සිදුකිරීමට මම පෙරොන්දු වෙමි. කරුණාකර අනෙක් යාළුවන්ටත් උදවු කරන්න. අපට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් උදා කර දෙන්න” යැයි සුවය ලද කිශානු දැරිය පවසා ඇත.

මෙම මාධ්‍ය හමුවට රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අංශ ප්‍රධානි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතා, රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේ‍යෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ මහතා, රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා, රාගම වෛද්‍ය පීඨයේ ළමා රෝග අධ්‍යයන අංශයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු මහත්මිය, රාගම වෛද්‍ය පීඨයේ නිර්වින්දනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේ‍යෂ්ඨ කථිකාචාර්ය භාග්‍ය ගුණතිලක මහතා, රාගම වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අක්මාව, අග්න්‍යාසය, අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොහාන් සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය, හෙද සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

ජේ.ටී. ද සිල්වා

ජා ඇළ - ප්‍රසංග පාවුළුහේවා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂයක් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම සාර්ථක වෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXgF4jVpD0MJU-8T3yz_iUF4oI7fO8OO_fCTNcB-IZe3zVolbU0Z3DpWTYWrt5mtoFG4WG7KjdJLtXNGZXHaASjNmrDGRNskUBy8y0MqYjFKdkmi8q1CsbvbqmyArGZmUfW37yWVojC74/s320/5f1e5570b505d_Ragama+Hospital.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXgF4jVpD0MJU-8T3yz_iUF4oI7fO8OO_fCTNcB-IZe3zVolbU0Z3DpWTYWrt5mtoFG4WG7KjdJLtXNGZXHaASjNmrDGRNskUBy8y0MqYjFKdkmi8q1CsbvbqmyArGZmUfW37yWVojC74/s72-c/5f1e5570b505d_Ragama+Hospital.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_556.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_556.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy