දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා
Homeගොසිප්

බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා

PropellerAds

යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිය සහ හමුදා සෙබළුන් තිදෙනකුගේ මවක වන  50 හැවිරිදි කාන්තාවක් හිටපු හමුදා කෝප්‍රල්වරුන් තිදෙනකු බීමත්ව  රංච...

දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්
සිසුවිය නඩුවෙන් දිනුම් : සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.
දෙවරක්ම ජනාධිපතිවූ මහින්ද : ගමට නොකළ දෙයක්!

යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිය සහ හමුදා සෙබළුන් තිදෙනකුගේ මවක වන  50 හැවිරිදි කාන්තාවක් හිටපු හමුදා කෝප්‍රල්වරුන් තිදෙනකු බීමත්ව  රංචු ගැසී වරින් වර බරපතළ ලෙස සමූහ දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 26 වැනි දින විභාගයට ගැනීමට උතුරු මැද පළාත්බද
මහාධිකරණ විනිසුරු  මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකාර හිටපු  යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනා අනුරාධපුර මහාධිකරණයේදී උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු  මහේෂ් වීරමන් මහතා හමුවේ මීට  පෙර අධිචෝදනා භාර දෙනු ලැබීය.

අධි චෝදනා ලබා සිටින විත්තිකාර  හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනා ලබන දෙසැම්බර් මස 26 වැනි දින දක්වා යළි අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කළේය.
විත්තිකරුවන් තිදෙනා තමන්ට එරෙහිව නඟා ඇති සියලු අධි චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මඟින් විත්තිකරුවන් තිදෙනා මීට පෙර අධිකරණයට දැන්වීය. 2013 වසරේ ජූලි මස 23 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හොරොව්පොතාන නබඩවැවදී කාන්තාවක දූෂණය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළුව අධිචෝදනා හතක් යටතේ වෙන් වෙන් වශයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙසේ අධිචෝදනා ලැබ සිටින්නේ මඩඟපොළ ලිපිනයේ සහ හොරොව්පොතාන - පරංගියාවාඩිය - නබඩවැව තාවකාලික ලිපිනයේ කේ.ඒ. සුමිත් විජේරත්න, අනුරාධපුර - විහාරපාලුව ලිපිනයේ පී. ලලිත් ගුණසිංහ සහ කුරුණෑගල - හිඳගොල්ල  ළිඳපිටියවත්ත ලිපීනයේ ඩබ්.ඒ. උදය ශක්ති ප්‍රේමදාස යන හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනාටය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ රජින්ද ජයරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේ. විත්තිකරුවන් නොච්චියාගම - ළිඳවැව යුද හමුදා කඳවුරේ සක්‍රිය  සේවයේ යෙදී සිටිමින් 2013 වසරේ ජූලි මස 28 වැනි දින රාත්‍රියේ බීමත්ව යතුරුපැදිවලින් හොරොව්පොතාන - නබඩවැව ප්‍රදේශයට ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට මුල් අවස්ථාවේ කරුණු දක්වමින් හොරොව්පොතාන පොලිසිය කීවේය.

සැකකරුවන් බීමත්ව රංචු ගැසී ඉතා බරපතළ ලෙස සමූහ දූෂණයට ලක් කර ඇති කාන්තාව යුද හමුදාවේ සැරයන් මේජර්වරයකුගේ බිරියක වන බව අධිකරණයට කියා සිටි
පොලිසිය මෙම කාත්තාවට පුතුන් තිදෙනකු සිටින බවත් ඉන් පුතුන් දෙදෙනකු යුද හමුදා සෙබළුන් බවත් අනෙක් පුතා ගුවන් හමුදා සෙබළකු බවත් මෙම අපරාධය සිදු කළ විත්තිකරුවන් තිදෙනාම දරුවන් සිටින විවාහකයන් බවත් අධිකරණයට දැන්වීය.  කාත්තාව සමුහ දුෂණයට ලක් කිරීමෙන් පසුව විත්තිකරුවන් ඇය සතුව තිබූ මුදල් පසුම්බියක්, ප්ලෑසර් වර්ගයේ විදුලි පන්දමක්, රන් කරාබු ජෝඩුවක් සහ ජංගම දුරකථන දෙකක් ද පැහැර ගෙන පලා ගොස් සැඟ වී සිටියහ.

සැකකරුවන් අදාළ කාන්තාවන්ගෙන් පැහැර ගන්නා ලද ජංගම දුරකථනයේ ඉමි අංකය ඔස්සේ සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව අපරාධය සිදුවී දින 19ක් ඇතුළත ඉතා සූක්ෂම අයුරීන් පොලිස් උපාය දූතයන් යොදවා විත්තිකරුවන් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. එවකට හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි සීතාවක කොට්ඨාස භාර වත්මන් පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙය වීම මත ක්‍රියාත්මක වූ එවකට හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිව සිටි අනුරාධපුර වත්මන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති මෙන්ම ඉපලෝගම පොලිසියේ වත්මන් වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිත්සිරී හේරත්  යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මඟිනි.

විත්තිකාර හමුදා කෝප්පල්වරුන් සක්‍රීය යුද හමුදා සේවයේ නිරතව සිටියදී මෙම අපරාධය සිදුකළ බවට විමර්ශනවලදී හෙළි කර ගැනිණි. සියලු විත්තිකරුවන් මීට පෙර මාස ගණනක් අඛණ්ඩව රිමාන්ඩ් කර සිටි අතර පසුව ඔවුන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණි.

මෙම අපරාධයේ සිවුවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු යුද හමුදා සෙබළකු වන අනුරාධපුර - ඇලයාපත්තුව නව ගම්මානය ලිපිනයේ බී. නිමලදාස යන අය නීතිපතිවරයා විසින් රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රජින්ද ජයරත්න මහතා සමග හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂකයන් රොෂාන් සංජීව මහතාගේ උපදෙස් මත එම පොලිසියේ නිලධාරීන් පෙනී සිටියේය.

-ආනන්ද කරුණාදාස-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා
බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3MirSacoAPE6m6yk2hZsICFwYFT8pvinmwcH4b1vlkfa9fqtSxNac1DeCG2a7SKHzPi8qJFTnJqlJ-VTUlVvhkR6KgyBGI449F6hW4o0sBMOx2dc_5sRGCGVh3wRi1w7tJlsO33m5dIg/s1600/court-action.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3MirSacoAPE6m6yk2hZsICFwYFT8pvinmwcH4b1vlkfa9fqtSxNac1DeCG2a7SKHzPi8qJFTnJqlJ-VTUlVvhkR6KgyBGI449F6hW4o0sBMOx2dc_5sRGCGVh3wRi1w7tJlsO33m5dIg/s72-c/court-action.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_952.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_952.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy