දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්
Homeගොසිප්

දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්

PropellerAds

විනය විරෝධී ක්‍රියා මත භික්ෂුවක මහා විහාරීය පාර්ශ්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ පසු තවදුරටත් භික්ෂුවක ලෙස නොපිළිගැනෙන අතර, එවන් පිරිස් භික්...

බැඳුම්කර සමාගමෙන් ගත් මුදල් ආයෙත් දෙන්නම් : සුජීව ජෝකර්ට අඳියි.
Miss British Empire 2018 ශ්‍රී ලංකා නියෝජනයට වෛද්‍ය නුවන්දිකා ලක්මාලි සූදානම්.
මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතී.


විනය විරෝධී ක්‍රියා මත භික්ෂුවක මහා විහාරීය පාර්ශ්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ පසු තවදුරටත් භික්ෂුවක ලෙස නොපිළිගැනෙන අතර, එවන් පිරිස් භික්ෂු වේශයෙන් චීවරධාරිව සමාජය ඉදිරියේ පෙනී සිටීම වැළැක්වීම පිණිස අවධානය යොමු කර ඇති බව මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, සෝමාවති විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පවසති.

මෙවැනි චීවරධාරීන්ගේ ක්‍රියාකලාපය බලවත් ගැටලුවක් බව පැවසූ නාහිමියෝ ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන නොයෙකුත් ධර්ම විරෝධි ක්‍රියා සම්බන්ධව ජනතාව තමන් වහන්සේ සහ ලේඛකාධිකාරි හිමිවරුන් වෙත සාක්ෂි සහිතව ලිඛිත දැනුම් දීම් සිදු කරන බව බවසමින්, මේ සම්බන්ධයෙන් ගත යුතුව තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරමින් පසුගියදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කර ඇත.

භික්ෂුවක සිදු කළ යම් වරදක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් ඊට ලබා දෙන දණ්ඩනය තීරණය කරන බවත්, අනතුරුව අදාළ පාර්ශ්වයේ මහනාහිමියන් විසින් එම තීන්දුව ක්‍රියාත්මක කරනු ලබන බවත් උන් වහන්සේ ප්‍රකාශ කරති.

‍මේ අතර, කිසියම් පාර්ශ්වයක් මඟින් යම් භික්ෂුවක එම පාර්ශ්වයෙන් නෙරපා හැරිය හොත් ඒ භික්ෂුවට ශාසනික වරප්‍රසාද ලැබීමට හෝ ගෝළයන් ශාසනයට ඇතුළත් කිරීමට හෝ විහාරාධිපති ධුර දැරීමට හෝ නොහැකි බවත්, මෙය සිවුරු ඇරවීමක් ලෙස පිළිගැනෙන මුත් ඔවුන් දිගටම සිවුරු දරා සිටීම ප්‍රශ්නයක් බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමියෝ පවසති.

ධර්ම-විනයට පටහැණිව ක්‍රියා කළ භික්ෂූන් වහන්සේ අදාළ පාර්ශ්වයෙන් ඉවත් කිරීමෙන් පසු ඔවුන්ගේ භික්ෂු ලියාපදිංචිය අහෝසි කිරීම විහාර දේවාලගම් ආඥා පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් කළ යුතු වුවද එම නීතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බවද මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ පෙන්වා දෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්
දුස්සීල භික්ෂූන් සිවුරු හැරවීමට භික්ෂූන්ගෙන්ම යෝජනාවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1SdpsgUCiYrf5TXGyIqaDDtAgonGPsozYf9ysdYFZGP_MZJgv_mh17tIG-_9PdidfCSX4awNNkQ6qlu-3rJnXSkLKhSFlvaisAeuY0GC8oPJ3EcTtWm7eXnikenRGE9LXa63JG_ztIhyphenhyphenD/s1600/%25E0%25B6%25AF%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25AF%25E0%25B7%2596%25E0%25B7%2582%25E0%25B6%25AB%25E0%25B6%25BA+%25E0%25B6%259A%25E0%25B7%2585+%25E0%25B6%25B7%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB+%25E0%25B6%25AF%25E0%25B6%25AC%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25B8%25E0%25B7%258A..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1SdpsgUCiYrf5TXGyIqaDDtAgonGPsozYf9ysdYFZGP_MZJgv_mh17tIG-_9PdidfCSX4awNNkQ6qlu-3rJnXSkLKhSFlvaisAeuY0GC8oPJ3EcTtWm7eXnikenRGE9LXa63JG_ztIhyphenhyphenD/s72-c/%25E0%25B6%25AF%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B6%25AF%25E0%25B7%2596%25E0%25B7%2582%25E0%25B6%25AB%25E0%25B6%25BA+%25E0%25B6%259A%25E0%25B7%2585+%25E0%25B6%25B7%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B7%2582%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB+%25E0%25B6%25AF%25E0%25B6%25AC%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B6%25B8%25E0%25B7%258A..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_669.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_669.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy