ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවෙන් පසු රට අස්ථාවර කිරීමට නොහැකි බැවින් සිය අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහ...
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවෙන් පසු රට අස්ථාවර කිරීමට නොහැකි බැවින් සිය අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
එහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ තම පාර්ශවයේ ආණ්ඩුවක් පිහිටුවන තුරු ඒ සඳහා සටන් කරන බවයි.
අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානය වෙත පැමිණ පූජ්‍ය නුගේතැන්න පඥ්ඥානන්ද හිමියන්ගේ අභාවප්ප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
COMMENTS