දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා මං ඩිරෙක්ටර් කෙනෙක් රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.. ශෂී වීරවංශ නඩු දමයි
Homeගොසිප්

පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා මං ඩිරෙක්ටර් කෙනෙක් රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.. ශෂී වීරවංශ නඩු දමයි

PropellerAds

ජා තික නිදහස් පෙරමුණේ නායක විමල් විරවශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අසත්‍ය හා අපහාසාත්මක කරුණු ප්‍රසිද්ධ කළ බවට ර...

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අසත්‍ය හා අපහාසාත්මක කරුණු ප්‍රසිද්ධ කළ බවට රුපියල් මිලියන දෙසිය පනහක වන්දියක් ඉල්ලා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව
ඇය නුගේගොඩ දිසා විනිසුරු නිල්මිණි ෆර්ඩිනැන්ඩස් මහත්මිය ඉදිරියේ නඩු පවරා ඇත.
 නීතීඥ මනෝහර ද සිල්වා මහතාගේ උපදෙස්  මත පවරා ඇති නඩුවේ මෙසේ සඳහන් කර තිබේ.
පැමිණිලිකාරිය හෝකන්දර පදිංචි රණසිංහ රන්දුණු මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති (ශෂි වීරවංශ) මහත්මියය.

වගඋත්තරකරු මාදිවෙල කෝට්ටේ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි රන්ජන් රාමනායක මහතාය.
පැමිණිලිකාරිය තම වන්දිය ඉල්ලීම සඳහා කීර්තිනාමයේ වටිනාකම අධිකරණයේ හඟවනු පිණිස විස්තරයක් කර තිබූ අතර එහි සඳහන් ආකාරයට ඇය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි රන්දුනු නමින් හඳුන්වන ආයතනයක අධ්‍යක්ෂවරියකි.  එසේම 2009 වසරේ සිට ත්‍රිමාන චිත්‍ර ශිල්පිනියක ලෙසත්, ටෙලිනාට්‍යවල ළමා ගීත රචිකාවක ලෙසත් දායකත්වය දරන බව සටහන් කර තිබුණි.. 

පැමිණිලිකාරිය දරුවන් තිදෙනකුගේ මාතාවක් බවත් වැඩිමල් පුතා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ඉගනුම ලැබූ බවත් චීනයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන බවත් එහි දක්වා ඇත.
ඉකුත් 2016 වසරේ 26 වැනි දින අසල්වාසී තරුණයකු තම පුතාගේ මිතුරන් සමග නිවසේ රාත්‍රිය ගත කර නිදා සිටියදී හෘදයාබාධයකින් මිය යාම සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේ ජනවාරි මස 11 වැනි දින හෝ  ඊට ආසන්න දිනයක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති රන්ජන් රාමනායක පැමිණිලිකාරිය සම්බන්ධයෙන් අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව ඇය දන්වා සිටී.

මෙහිදී රන්ජන් කියූ වචන උපුටා දක්වා තිබුනේ,
'මේ ධනවත් කාන්තාවට තරුණ ජවයක් තිබුණා. තරුණයෙක් ආශ්‍රය කිරීමේ ආශාවක් තිබුණා. මුදල් අවශ්‍ය තරම් වියදම් කළා. යාන වාහන අරන් දුන්නා. අධි මාත්‍රා ඖෂධ භාවිත කළා. තරුණයා සාතනය කළා. මේ සාතන ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නළිගොඩ, වසීම් තාජුඩින් වගේ ඝාතන බවට අපි දකිනවා.' ලෙසිනි.
මෙය අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් බවත් එමගින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් මිලියන දෙසිය පනහක් හා ඊට සරිලන පොලිය ද, අධිකරණයට සෑහීමකට පත් වන වෙනත් දිමනා ද ලබා දෙන ලෙස ශෂී වීරවංශ රන්ජන්ගෙන් මෙම නඩු පැවරීම තුළින් ඉල්ලා ඇත.

තොරතුරු -පැට්‍රික් මාක්ස්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා මං ඩිරෙක්ටර් කෙනෙක් රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.. ශෂී වීරවංශ නඩු දමයි
පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා මං ඩිරෙක්ටර් කෙනෙක් රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.. ශෂී වීරවංශ නඩු දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBtYlsgZS3wSXrcX4VQZ_Ot84Lyv6AIj52-bLKCVEaz9dFGgxc9Wwg5rShDwC3PKtUCHt6_gATQfsWubGsPbDEvxXq8jzk8mqE-WFV01zT1Jl_odDn5VvHsMhNDPA1WE_Wct32moGGRxY/s1600/viagra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBtYlsgZS3wSXrcX4VQZ_Ot84Lyv6AIj52-bLKCVEaz9dFGgxc9Wwg5rShDwC3PKtUCHt6_gATQfsWubGsPbDEvxXq8jzk8mqE-WFV01zT1Jl_odDn5VvHsMhNDPA1WE_Wct32moGGRxY/s72-c/viagra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_893.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_893.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy