අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේද...
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ.
ඒ, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය. එම සාක්ෂි විභාගය අද, හෙට සහ අනිද්දා යන දෙදින තුළ අඛණ්ඩව සිදුකිරීමට නියමිතය.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවය.
එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණි.
ඊට අදාළ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුවේ සාක්ෂි විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරීමටය.
COMMENTS