ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි අධිකරණය තීරණය කර ඇති අවස්ථාවක කළ යුත්තේ වහාම ජනාධිපතිවරණයක් කැඳවීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි අධිකරණය තීරණය කර ඇති අවස්ථාවක කළ යුත්තේ වහාම ජනාධිපතිවරණයක් කැඳවීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කුමන මැතිවරණයක් සම්බන්ධයෙන් රටේ මහජනතාව කතා කළද නව ජනාධිපතිවරයෙක් අවශ්‍යව ඇති බව පෙනෙන්නට ඇති බව කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඇති වී ඇති අවුල් සහගත තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා හොඳම විසඳුම වන්නේද ජනාධිපතිවරණ මැතිවරණයකට යෑම බව තම අදහස වන බවත් ඔහු පැවසීය.
COMMENTS