කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුලු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුලු පිරිසක් මුලතිව්හිදී හමු වී ස...
කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුලු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුලු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.
මලුතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ කාර්යාලයේදී මෙම හමුව ඊයේ (05) දින සිදුව ඇති අතර මෙම සාකච්ඡාවට එම පක්ෂ නායක කේ. තුලසි ඇතුලු පිරිසක් සහභාගී වී ඇති අතර වතමන් දේශපාලනික වාතාවරන්‍ය මෙන්ම දෙමළ ජනතාවගේ ගැටලු සමබන්ධයෙන් සාකච්ඡා කරන ලදි.
මෙම සාක්ඡාවේදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් ඇතුලු පිරිසට උතුරු නැගෙන හිර වැන්ඳඹු කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද නැවත පදිංචි වූ වැසියන්ගේ ගැටලු හා ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ගැටලු මෙන්ම අතුරුදහන් වූ වැසියන්ගේ ගැටලු පිළිබඳවා හා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙසට ඉල්ලූ බවට විමක්තිකාමී සටන්කාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසිගෙන් විමසීමේදී කියා සිටියේය.
එහිදී කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකේන් විසින් තමන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු රජයේ වගකිව යුත්තන් සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වූ බවටද කේ තුලසි කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS