දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා කොටින්ට දුන් හැටි බන්දුල හෙළිකරයි
Homeප්‍රවෘත්ති

ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා කොටින්ට දුන් හැටි බන්දුල හෙළිකරයි

PropellerAds

1989 – 1990 වර්ෂයේදී මහජනයාගේ බදු මුදල් දස ලක්ෂ එකසිය විසිපහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් පිටතට ගෙන එල්ටීටීඊ සංවිධානයට ලබාදීම සිදු කළේ එවකට ම...

හතේ අපේ පොත අසභ්‍යයි, වහාම තහනම් කරන්න - අභයතිස්ස හිමි
සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
මහින්ද විපක්‍ෂ නායක කර අලුත් අගමැති කෙනෙක් ආණ්ඩුවක් පත් කරන්න එජාපය සූදානම්
ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා කොටින්ට දුන් හැටි බන්දුල හෙළිකරයි

1989 – 1990 වර්ෂයේදී මහජනයාගේ බදු මුදල් දස ලක්ෂ එකසිය විසිපහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් පිටතට ගෙන එල්ටීටීඊ සංවිධානයට ලබාදීම සිදු කළේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වර්තමානයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතා බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තමන් ආර්.පාස්කරලිංගම් මහතාට ඉදිරිපත් කළ චෝදනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් දෙමළ ජාතික සන්ධානය මෙම චෝදනාවලින් ආරක්ෂා වීම සඳහා එජාපයට සහාය දෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (2) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඒ බව ඔප්පු කිරීම සඳහා ආර්. පාස්කරලිංගම් මහතා මහා භාණ්ඩාගාරයේ මුදල් ලබාගත් බව සඳහන් වවුචර් පත් තමා සන්තකයේ තිබෙන බවත් එම මුදල් ලබාගෙන ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට ලබාදීමට බවට ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ හැන්සාඩ් ගත වී තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

මුළු ලෝකයම තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයකට ජනතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරයෙන් එළියට අරගෙන ලබාදුන්නේ ආර්. පාස්කරලිංගම් මහතා මිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවෙන් නොවන බවත් බෙදුම්වාදීන් සහ එජාපය අතර තිබෙන සම්බන්ධය තවම නිම වී නැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි අවධියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා සමඟ එක්ව එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට මුදල් ලබාදුන් බවට රූපවාහිනි වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශය හැකි නම් ඔප්පු කර පෙන්වන්නැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතාට අභියෝග කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා කොටි සංවිධානය සමඟ කිසිදු ඇයි හොඳයියක් නොපැවැත්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා කොටින්ට දුන් හැටි බන්දුල හෙළිකරයි
ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා කොටින්ට දුන් හැටි බන්දුල හෙළිකරයි
http://am.lk/media/k2/items/cache/2ee1d080e8f4f88770fb3b9d61edebb2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy