දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරන්දෙණිය අලියා එක්වරම ඇත් ගොව්වාව හොඬෙන් අරන් බිම ගසා පෑගුවා-පොලිස් කොස්තාපල් සාක්ෂි දෙයි
Homeගොසිප්

කරන්දෙණිය අලියා එක්වරම ඇත් ගොව්වාව හොඬෙන් අරන් බිම ගසා පෑගුවා-පොලිස් කොස්තාපල් සාක්ෂි දෙයි

PropellerAds

 පෙරහරේ මා අසලින් ගමන් කළ අලියා  එකවරම ඇත්ගොව්වා හොඩවලෙන් අල්ලාගෙන බිම ගසා පෑගුවා. එවිට පෙරහැරේ ගමන් කළ සියලුම ලදහා සී සී කඩ දිව්වා යැයි ඇ...

සමුගත් විජය නන්දසිරි බලන්න ආ හොඳම රසික යුවළ
රජයේ රෝහල්වලට එල්ඊඞී ටීවී
බීබීසී සන්දේශයේ එල්මෝ සමුගනී

 පෙරහරේ මා අසලින් ගමන් කළ අලියා  එකවරම ඇත්ගොව්වා හොඩවලෙන් අල්ලාගෙන බිම ගසා පෑගුවා. එවිට පෙරහැරේ ගමන් කළ සියලුම ලදහා සී සී කඩ දිව්වා යැයි ඇත්ගොවේවාගේ මරණය සම්බන්ධයෙන්
පැවතී මරණ පරීක්‍ෂණය ඉදිරියේ සාක්කි උදමින් මිටියාගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් ප්‍රේමරත්නලාගේ සිතුම් ශ්‍රී ලාල් ප්‍රේමරත්න මහතා (22) කීය.

මෙසේ මියගොස් ඇත්තේ රිදීගම නෙල්ලිගල්කන්ද පදිංචි සියඹලාගහ ගෙදර තිලකරත්න (43) නමැති දෙදරු පියෙකි.  .  බලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජේ.ඩබලිව්.එන්.අයි.එස්. ප්‍රනාන්දු මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.

කරන්දෙණිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් අජිත් කුමාර මහතා සාක්ෂි මෙහෙයවිය.

සාක්ෂිකරු මෙසේද කීය,

කරන්දෙණිය පොලිස් වසමේ ශ්‍රී  සුදර්ශනාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහරේ ආරක්‍ෂක කටයුතු සඳහා අප පොලිස් ස්ථානයෙන් මමත් තවත් අයකුත් ආවා. 23 වැනිදා රාත්‍රී පෙරහර ආරම්භ කළ විට අලි එකොළොස් දෙනෙක් පමණ පෙරහරේ ගියා. මම හත්වැනි අලියා  අසල ආරක්‍ෂක කටයුතුවලට ගමන් කළා.  එසේ ගමන් කරන විට බොරකන්ද ප්‍රදේශයේ මා අසල ගමන් කළ අලියා එකවරම ඇත්ගොව්වා හොඩවැලෙන් අල්ලාගගන බිම ගසා පෑගුවා, එවිට
පෙරහරේ ගමන් කළ සියලු දෙනා සී සී කඩ දිව ගියා. පෙරහරේ ගමන් කරන විට කිසිම ආයුධයක් ගෙන යන්න අපට දෙන්නේ නැහැ. මේ අවස්ථාවේ අලියා කෝප වී සිටි නිසා මියගිය අයගේ සිරුර ගැනීමට අපහසු වුණා. පසුව නිර්වින්දන ලබා දී අලියා මෙල්ල කොට ගස් බැඳීමෙන් පසු තුවාලකරු රෝහලට අරගෙන ගියා.

මියගිය අයගේ බිරිය වන අලුත්ගෙදර සසිකලා ඉන්දුමතී (40) මෙසේ කීවාය.
මගේ සැමියා රස්සාව ලෙස කළේ අලි බැලීමයි. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම රෝගී තත්වයක ඉන්නේ.

එක්කෙනෙක් අවුරුදු දාහතරයි. අනෙක් එකෙනා අවුරුදු විස්සයි. අපිට ඉන්න  හිටින්නට හරිහමන් ගෙයක් දොරත් නැහැ. සැමියාට පහර දුන්නු අලියා බලන්න ඔහු ගිහිල්ලා මාස තුනයි. මේ අලියා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි කෙනෙකුයි කලින් බැලුවේ දඹදෙනිය ප්‍රදේශයේ අලියක්. ඉකුත් 23 වැනිදා රාත්‍රී හතට විතර මට සැමියා දුරකතන ඇමතුමක් දීලා කිව්වා අලියා අරන් පෙරහරකට යනවා කියලා.

එයා එච්චරයි කිව්වේ . ඒක කියලා දුරකතන ඇමතුම විසන්ධි කළා.

24 වැනිදා උදේ මගේ නංගී දුරකතන ඇමතුමක් දීලා මට කිව්වා සැමියාට හදිසියේම බඩේ අමාරුවක් හැදිලා බලපිටිය රෝහලේ නතර කළා කියලා. එයා බලන්න ඒ අය යනවා කිව්වා. මට එන්නත් එපා කියල කිව්වා. ඒත් මම කිවා මමත් එක්ක යන්න එන්න කියලා.
අපේ ගෙදර ආපු අපේ නෑදයන් සහ අසල්වැසියන් ගෙදර බඩු මුට්ටු අස්පස් කරන්න ගත්තාම මට ලොකු අමුත්තක් දැනුනා.
මම නංගිලාත් එක්ක වෑන් රථයකින් බලපිටිය ඉස්පිරිතාලෙට ආවේ බඩේ අමාරුවට බෙහෙත් ගන්න නතර කළා යැයි සිය සැමියා බලන්නයි. ඒත් දෙයියනේ ඔහු බලාගත්තු අලියා පහරදීලා සැමියා මැරිලා කියලා බලපිටිය රෝහලට ආවම දැනගන්න ලැබුණා.

සැමියා අලියා අරන් ඇවිත් තිබුණ කරන්දෙණියේ පෙරහරකට කියලා දැනගන හිටියේ නැහැ. මෙහේ ආවමයි දැනගත් සැමියා කරන්දෙනියේ පන්සලක දේවාලයක් මගින් සංවිධානය කෙරුණු පෙරහරකට ඔහු බැලු අලියා අරන් ඇවිත් කියලා.

 මගේ සැමියා තමන් බැලූ අලින්ට බොහොම ආදරෙන් සැලකු කෙනෙක්. එහෙම කෙනෙකුට අලියා පහරදීලා මැරුවේ ඇයි කියන එක හිතාගන්නවත් අමාරුයි. මම  දන්න තරමට ඔහු රහමෙර බීමට ඇබ්බැහි වූ කෙනෙක් නම් නොවෙයි.
මියගිය ඇත්ගොව්වාගේ සොහොයුරකු වන එස්.ඒ. රත්නපාල නමැත්තාද මෙහිදී සාක්ෂි දුන්නේය.

මෙය අලියකු පහරදී හිසට හා සිරුරට සිදු වූ බහුවිධ තුවාලවලින් සිදුවූ හදිසි මරණයක් බවට මරණ පරික්ෂකවරයා තීන්දු කළේය.

-එම්. සුසිල් ප්‍රියන්ත සහ  එස්.ඒ.වයි. ද සිල්වා-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරන්දෙණිය අලියා එක්වරම ඇත් ගොව්වාව හොඬෙන් අරන් බිම ගසා පෑගුවා-පොලිස් කොස්තාපල් සාක්ෂි දෙයි
කරන්දෙණිය අලියා එක්වරම ඇත් ගොව්වාව හොඬෙන් අරන් බිම ගසා පෑගුවා-පොලිස් කොස්තාපල් සාක්ෂි දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPZsTYspbDZODw1owtmfCVv_D6dImq6_5GOmq_PQ6frdmUIWsP_-I0JecJFSsJqIESzYCEVD9I_t1Sz7HExFCG1B6NGyaWvXo_GVSxxJeS761m8-bigKsu-ffn15FwvEfVZN9URB9p8TA/s1600/chrome_2018-12-26_11-28-50.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPZsTYspbDZODw1owtmfCVv_D6dImq6_5GOmq_PQ6frdmUIWsP_-I0JecJFSsJqIESzYCEVD9I_t1Sz7HExFCG1B6NGyaWvXo_GVSxxJeS761m8-bigKsu-ffn15FwvEfVZN9URB9p8TA/s72-c/chrome_2018-12-26_11-28-50.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_487.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_487.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy