දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ව්‍යාපාරයක් කරන ගමන් මන්ත්‍රීධූරය දැරීමේ කතාව ඇත්තක්ද?
Homeගොසිප්

රනිල් ව්‍යාපාරයක් කරන ගමන් මන්ත්‍රීධූරය දැරීමේ කතාව ඇත්තක්ද?

PropellerAds

ඊ යේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් කියැවුනේ‍ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් සිටියදී ලේක් හවුස් ආයතනයේ කොටස් හ...

ප‍්‍රසූතියට පෙර දුවගෙන් සමුගත් ගැබිණි මවගේ සේයාරුව සමාජ මාධ්‍ය කළඹයි
වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ
ඔලිම්පික් දිනා ගමට ආ සක්ෂි ගම්මුන් පිළිගත් හැටි
යේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් කියැවුනේ‍ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් සිටියදී ලේක් හවුස් ආයතනයේ කොටස් හිමිකාරිත්වයක්ද ඔහුට ඇති බවත් ඒ අනුව රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කරන නිසා වික්‍රමසිංහ මහතා මන්ත්‍රීධුරයක් දැරීම නොසුදුසු කමක් ලෙසය. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අත් හි‍ටුවන ලෙස
ඉල්ලා මෙම පෙත්සම යොමු කර තිබුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ෂර්මිලා ගෝනවල මහත්මියයි.මෙම පෙත්සම මගින් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම  වළක්වමින් කෝ වොරෙන්ටො රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.
පෙත්සම සලකා බැලීමේ කාලය වෙනුවෙන් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය තාවකාලිකව හෝ අත් හි‍ටුවා ගැනීමට උත්සහ දැරීම මෙහි උවමනාවකි.
ලේක්හවුස් ආයතනය රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයකි. එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය

වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව වික්‍රමසිංහ මහතාට පැවැරී තිබේ.
වාර්තා මගින් කියැවෙන්නේ  වික්‍රමසිංහ මහතා මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණක් බවය.

සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවක් මෙහිදී ඉදිරිපත් කළ නොහැකි බව නීතීඥයින් පෙන්වාදී ඇත. කොටස් හිමි වුවත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු නොවන අතර එසේ වීනම් මෙම චෝදනාව නිසා ඔහු වරදකරුවෙකු වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයකු වීමේ නොසුදුසුකම් ලෙස දක්වා ඇති වගන්තිය මෙසේය.

'91 (ඉ) රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද,

එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.'

මීට පෙර රාජිත සේනාරත්න මහතාට මේ හා සමාන චෝදනාවක් එල්ල වී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ඔහු සෘජුවම තමන්ගේ සමාගමක විධායක තනතුරක් දරමින් කටයුතු කරද්දී මනිත්‍රී ධූරයක් දැරීම හේතුවෙනි. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදීමය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ෂර්මිලා ගෝනවල මහත්මිය අද මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වන බව දන්වා ඇත. කෙසේ වෙතත් අභියාචනාඡධිකරණය මෙය විබාගයට ගන්නවාද නැද්ද යන්න තවම තීන්දු කර නැත.
පහත පළවන්නේ ලේක්හවුස් ආයතනයේ කොටස් හිමියෙකු ලෙස දිගු කලෙක සිටම රනිල්ගේ නම සටහන්ව ඇති අයුරුය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ව්‍යාපාරයක් කරන ගමන් මන්ත්‍රීධූරය දැරීමේ කතාව ඇත්තක්ද?
රනිල් ව්‍යාපාරයක් කරන ගමන් මන්ත්‍රීධූරය දැරීමේ කතාව ඇත්තක්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgddSuY2xy0TBI4-8QvC3PxfsyxtlD3BLk56oLtgSvQiiVqEnqjt6AF4-c_AznFVpxAzCISyBV26oqLh9hXj4R-DGnQatH3ePIGFZmVOVY1h9MN8S00N683GCpWPM5N-idFxQ4P6QaMptw/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgddSuY2xy0TBI4-8QvC3PxfsyxtlD3BLk56oLtgSvQiiVqEnqjt6AF4-c_AznFVpxAzCISyBV26oqLh9hXj4R-DGnQatH3ePIGFZmVOVY1h9MN8S00N683GCpWPM5N-idFxQ4P6QaMptw/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy