තමා, මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේ...
තමා, මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ පැවසීය.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඒ බව පැවසුවේ ඊයේ ( 19) පාර්ලිමේන්තුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘ඔබ, මහින්ද රාජපක්ෂ , නාමල් ඇතුළු 50 දෙනකු පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තිබෙන බව ට්විටර් ගිණූම්වල සඳහන් කර තිබුණා. එහෙම අරගෙන නැද්ද? ‘ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ එසේ සාමජිකත්වය ගෙන නැති බවයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ බීබීසී වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පොහොට්ටුවේ සාමාජිකයකු බවයි.
(ශ්‍රීලනිපයේ පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් බව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම්වල දමා තිබූ අයුරු පහතින් දැක්වේ)
COMMENTS