දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්
Homeප්‍රවෘත්ති

කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්

PropellerAds

යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව විසින් කිරිමැටියේ තේ වත්තක අවසානයේ ඇති ඉඩමකට කැළි කසළ බැහැර කරන බවත් අක්‍රමවත් අයුරින් බැහැ...

බාර් අරින්න ආණ්ඩුවෙන් තීන්දු කලේ නෑ... කවුද අවසර දුන්නේ? - නාමල් අසයි
වැලිගම කනත්තේ දේශපාලන වාර්තාවක්! ආදාහනාගාර පුවරුවේ ජනපති-අගමැති-මැතිඇමැති නම් 51ක්!
කුපාඩි කතාව පත්තු වෙයි! ඇමැති සරත්ගෙනුත් ජගත්ට බරපතළ චෝදනාවක්!
කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්
යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව විසින් කිරිමැටියේ තේ වත්තක අවසානයේ ඇති ඉඩමකට කැළි කසළ බැහැර කරන බවත් අක්‍රමවත් අයුරින් බැහැර කිරීම හේතුවෙන් මේ වන විට උග්‍ර පාරිසරික හානියක් උද්ගතවී ඇතැයි ඔවුන් සදහන් කරයි.
 
නගරයෙන් රැස් කරන කැළි කසල පිරවූ ට්‍රැක්ටර් හා ලොරිවලින් මෙහි කුණු බැහැර කරන නමුත් එම වාහන ආවරණය නොකිරීම නිසා සමස්ථ ප්‍රදේශයම දුර්ගන්ධ වන බවත් සෑම විටම සිය නිවෙස් මැස්සන්ගෙන් පිරී ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
 
මේ හේතුවෙන් තමන්ට ආහාර සකස් කිරීමට හෝ නොහැකි වී ඇති අතර සිය දරුවන් නිරන්තරයෙන් අසනීප වන බව ගම්වාසීන් කීහ.
 
අක්කර පහක පමණ භූමියක කැළි කසල බැහැර කරන අතර මේ වන විට ආරක්ෂිත නිවාසවල නොව ඉන් බැහැරට කසල දමන බව ඔවුන් පෙන්වා දෙයි. මේ පිළිබදව තමන් කරන විමසීමේදී කැළි කසල අංගණයේ අලුත්වැඩියාවක් හේතුවෙන් දින කිහිපයකට පමණක් බාහිරව කැළි කසල බැහැර කිරීමට සිදුවන බව කම්කරුවන් කීවත් දැනට සති කිහිපයක් තිස්සේ මේ අයුරින් ම බාහිර පරිසරයේ කුණු බැහැර කිරීම දැකිය හැකි යැයි ගම්වාසීන් කීවෝය.
 
අධික දුර්ගන්ධය, මැසි උවදුර පමණක් නොව තමන් බීමට ගන්නා ජලයට ද මෙම කුණු එකතුවන බව ගම්වාසීන් සදහන් කළහ.
 
පොත්තපිටියේ උල්පත් ජල මූලාශවලින් ජනතාව සිය ජල අවශ්‍යතාව සපුරා ගන්නා අතර එම ජල පහර ගලා යන්නේ මෙම කැළි කසල අංගණය අසලිනි. එහි කම්කරුවන් සිය උපකරණ, ට්‍රැක්ටර් ද මෙහි දී සෝදන බවත් එම අපවිත්‍ර ජලය තමන්ගේ නිවසට ගලා එන බව ගම්වාසීන් සදහන් කරති. 
 
ස්වාභාවික ජල මුලාශ දෙකක් මෙම ස්ථානය අසලින් ගලා යන අතර එකක් මැණික්පිහිල්ල නම් ස්ථානයෙන් පහළට ගලා යන අතර එය පවුල් පන්සියයක් පමණ සිය අවශ්‍යතා වෙනුවෙන් ලබා ගන්නා බව ගම්වාසීන් පෙන්වා දෙයි. අනෙක් ජල මූලාශය හතරලියද්ද පට්ටපොල ගම්මානය වෙත ගලා යන අතර එය පට්ටපොල, ඉහළගම, පහළගම ඇතුලුව පවුල් තුන්සියයකට අධික පිරිසක් සිය අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීම සිදුකරයි.
 
කැළි කසල අංගණයට නුදුරු මෙම ජලමූලාශ දෙකටම කැළි කසල යම් අයුරකින් එකතුවීමක් සිදුවන අතර මේ හේතුවෙන් තමන්ට උග්‍ර සෞඛ්‍ය ගැටලු මතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
 
වසර දහයක පමණ කාලයක සිට මෙහි කුණු බැහැර කිරීම සිදුවන අතර යටිනුවර, කඩුගන්නාව වැනි ප්‍රදේශවල කුණු එම පළාත් පාලන ආයතනයේ ඉඩමක නොව හතරලියද්ද ප්‍රදේශයට බැහැර කිරීම තමන්ට සිදුව ඇති බලවත් අසාධාරණයක් බව ද ගම්වාසීන් පෙන්වා දෙයි. 
 
වසර ගණනාවක සිට බලධාරින්ට කොතෙක් දැනුම් දුන්න ද තමන්ට නිසි විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී සමස්ථ ගම්වාසීන් එක්ව කුණු ලොරි පැමිණීමට විරෝධය පළ කරන බව ද ඔවුන් වැඩිදුරටත් සදහන් කළහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
kasala 1
kasala 2
kasala 3
kasala 4
kasala 5
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්
කිරිමැටිය කසල කඳු නිසා ගැටලු රැසක්
http://ift.tt/2y8CQ0Y
https://i.ytimg.com/vi/HlbRoeBxPdQ/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_631.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_631.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy