කළු මාධ්‍යට සුදු වෙන්න දැන් කාලය පැමිණ ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ඒ මහත්මිය මෙම අදහස් ප...
කළු මාධ්‍යට සුදු වෙන්න දැන් කාලය පැමිණ ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ඒ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (25 ) සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබුබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
"දින වකවානු කියන්න බැහැ .පාර්ලිමේන්තුවේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා විශේෂ අධිකරණ තුනක් පිහිටුවීම සදහා පනත සම්මත කරලා තියෙන්නේ .ඒ සදහා පුංචි ගැටළුවක් තියෙනවා අළුත්කඩේ ඉඩකඩ පහසුකම් ගැන ගැටළුවක් තියෙනවා.නැත්නම් දෙවැනි අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරලා තියෙන්නේ.ජනාධිපතිතුමාට විරුද්ධ තාවයක් දක්වන්න පුළුවන්.ඒත් මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒක රටේ ප්‍රධානතම නීතිය.ඒ අනුව එතුමාට කටයුතු කරන්න සිද්ධ වෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට ඒ තිබුණු අමාත්‍යාංශයම ලැබුණා.මටත් ඒකම ලැබුණා .එහෙම ගැටළුවක් නැහැ.දුන්නොත් ගන්නවා මාධ්‍ය හරහා නොයෙකුත් දේවල් උලුප්පලා පෙන්නනවා.අපි දන්නවනේ දැන් කාලය ඇවිල්ලා තියෙනවා කළු මාධ්‍යට සිදු වෙන්න. ඒක මම හිතන්නේ මාධ්‍ය ඇමතිතුමා වගකීමක් ඇතිව කරයි."
COMMENTS