දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ බෙදීමක්! පොහොට්ටුවේ ඇමතිවරු එක පැත්තක! තවත් පිරිසක් සහයට එයි!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ බෙදීමක්! පොහොට්ටුවේ ඇමතිවරු එක පැත්තක! තවත් පිරිසක් සහයට එයි!

PropellerAds

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් හටගෙන තිබෙනවා.ඒ ඊට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

චමල්ගේ වැව් දෙකේ කතාව පත්තු වෙයි: සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුමයෙන් ඉවතට!
'තාප්පවල චිත්‍ර අඳිද්දී 'Stop Ecocide' බැනර් එකට බලපෑ නීතිය බලපෑවේ නැද්ද?: ආචාර්ය ජගත් ගුණවර්ධන අසයි
මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා -සි අයි ඩි ය උසාවියට දන්වයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් හටගෙන තිබෙනවා.ඒ ඊට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරනු ඇති බවත් එම පක්ෂයේ කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බවයි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කැමති ආකාරයෙන් ඡන්දය භාවිතා කිරීමේ නිදහස මන්ත්‍රීවරුන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ඨ වේ යැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කියා සිටියා.

එකම පක්‍ෂයේ වුවත් මන්ත්‍රීවරුන් අතර, පරස්පර අදහස් තිබිය හැක බව ද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිමය අර්බුදයකට ලක්වීමෙන් තවදුරටත් පමාවන ලකුණු පහළ වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

එම අර්බුදය හටගත්තේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කිරීමට නම් අලුතින් පත්වන පාර්ලිමේන්තුවක් වසර 2 ½ කින් විසුරුවා හැරීමට ජනපතිට ඇති බලය වසර 4 ½ කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීන් කළ ඉල්ලීම ව්‍යවස්ථානුකූලව ඉටු කළ නොහැකි බවට නීතිපතිවරයා මැතිසබේ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දීමත් සමඟයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

එහිදී කතානායකවරයා ප්‍රමුඛ පක්ෂ නායකයන්ට නීතිපතිවරයා උපදෙස් දුන්නේ ජනාධිපතිට මැතිසබය විසුරුවා හැරීමට ඇති බලය වසර 2 සිට වසර 4 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථාව සම්බන්ධ විවාදයේ කාරක සභා අවස්ථාවේදී සම්මත කළ නොහැකි බවයි.

එසේ වන්නේ එම යෝජනාව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික හරයට පටහැණි නිසා බවද නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. එසේම මැතිසබයේ 2/3 ක ඡන්දයෙන්වත් එවන් සංශෝධනයක් සම්මත කළ නොහැකි බවද නීතිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මැතිසබය විසුරුවීම සම්බන්ධ මෙවන් වගන්තියක් ව්‍යවස්ථානුකූලව ගෙන එන්නේ නම් ඊට වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ඊට ශ්‍රේෂ්ඨාධිකරණ මතය ද විමසිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

මෙම සංශෝධනය නොමැති නම් පොහොට්ටු මන්ත්‍රීන් ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ නොකරන බව මේ වන විටත් ප්‍රකාශ කර ඇති බැවින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ බෙදීමක්! පොහොට්ටුවේ ඇමතිවරු එක පැත්තක! තවත් පිරිසක් සහයට එයි!
ආණ්ඩුවේ බෙදීමක්! පොහොට්ටුවේ ඇමතිවරු එක පැත්තක! තවත් පිරිසක් සහයට එයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYUNWTJwSJuTlA2ryM65DCXrTSEe3iiJ1gVnZGl2Y7Wy9oN_JJSrd1YlmMb_rLaX46XMkYayIZHK5_hQgL74BWXfl8Xcw2EDKbkYOkmV7itpjKRfWnP8H4sywF556nVn4vMzjb6-AjRidCgljCW0nX8s0Xtl8jmyJxaf6uy0tYrRZmkPLAgbJH7LBw2A/s320/parliment.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYUNWTJwSJuTlA2ryM65DCXrTSEe3iiJ1gVnZGl2Y7Wy9oN_JJSrd1YlmMb_rLaX46XMkYayIZHK5_hQgL74BWXfl8Xcw2EDKbkYOkmV7itpjKRfWnP8H4sywF556nVn4vMzjb6-AjRidCgljCW0nX8s0Xtl8jmyJxaf6uy0tYrRZmkPLAgbJH7LBw2A/s72-c/parliment.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy