රට අස්ථාවර වීම නතර කළ හැක්කේ ශ්‍රේෂ්ධිකරණයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසීය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අධිකරණය විස...
රට අස්ථාවර වීම නතර කළ හැක්කේ ශ්‍රේෂ්ධිකරණයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසීය.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අධිකරණය විසින් තීන්දු ලබාදීමේ දී රට හා ජනතාව පිළිබඳව ද සලකා බැලිය යුතු බවයි.
“තිරසර ජාතික වැඩපිළිවෙල“ එළි දක්වමින් ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ පළමු සමුළුව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ බව පැවසිය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද පෙරවරුවේ සදහම් සෙවන ධර්ම ආයතනයේ දී පූජ්‍ය අතුරලියේ රතන හිමි බැහැදුටු අතර එහිදී අදාළ වැඩපිළිවෙල පූජ්‍ය අතුරලියේ රතන හිමි අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වනු ලැබීය.
"මම විශේෂයෙන්ම අද ආරාධනා කළා බැසිල් රාජපක්ෂ මැතිතුමාට. සාමාන්‍යයෙන් ගිය ආණ්ඩුව කාලේ සටන තිබුනේ එතුමයි මමයි අතර තමයි. කෙටියෙන් කිව්වොත් මම ඇයි මේ ආණ්ඩුවට විරුද්ධ වුණේ කියලා කියන එක මම කියන්න ඕනේ. මේ ආණ්ඩුව බලයේ ඉන්න හැම දවසකම අපට රට නැතිවෙන නිසා. වස විසෙන් තොර ගොවිතැනක් අපි කළා. අත්හදා බැලීම් අපි කළා අපි දිනුවා. අපි කරපු පර්යේෂණය අහන්නෙත් නැතුව ඒ ආයතනත් ආණ්ඩුවම වහලා දැම්මා."
COMMENTS