දින කීපයක සිට හම්බන්තොට මිරිජ්ජවිල උද්භිත ද්‍යානය ඉදිරිපිට මාර්ගය භාවිතා කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස කිසියම් පිරිසක් විසින් ගම්...
දින කීපයක සිට හම්බන්තොට මිරිජ්ජවිල උද්භිත ද්‍යානය ඉදිරිපිට මාර්ගය භාවිතා කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස කිසියම් පිරිසක් විසින් ගම්මිරිස් වෙලාන බවට ලැබුණු තොරතුරකට අනුව අද 12 දින සවස මෙම වැටලීම කර තිබේ .
අදාල පුද්ගලයින් ඇඹිලිපිටිය කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර එම ප්‍රදේශවල වැසි බරිත කාලගුණ තත්වයන් පවතින නිසා හම්බන්තොට ප්‍රදේශයට පැමිණ මෙලෙස ගම්මිරිස් වෙලාන බවයි ඔවුන් කියා සිටියේ .
කෙසේනමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතට ගත් ගම්මිරිස් තොගය හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීම සිදුකරන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .ජිනසිරි මහතා කියා සිටියේය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS