යාපනයේදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් තමන් දැරූ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට නව ආණ්ඩුවේ අ...
යාපනයේදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් තමන් දැරූ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට නව ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධූරය හිමිව තිබීම විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය දා දිවුරුම් දුන් අතර 40 දෙනෙකු නොවැඩි විය යුතු නව ආණ්ඩුවේ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගෙන් 27 දෙනෙකු පසුගියදා (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව ඊයේ පස්වරුවේ දිවුරුම්දෙනු ලැබුවේ කැබිනට් නොවන අමාත්‍යවරු තිදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් එහිදී දිවුරුම්දුන් අතර ආණ්ඩුවේ තවත් ඉතිරිව ඇති අමාත්‍යධූර සංඛ්‍යාව 13ක්.
කෙසේ වෙතත් මෙහිදීද වසන්ත සේනානායක මහතාට හා පාලිත රංගේ බණ්ඩාරට කිසිඳු අමාත්‍යධූරයක් හිමි නොවීම විශේෂත්වයකි.
දිවුරුම් දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවේ පසුගිය සමයේ තමන් කළ ප්‍රකාශයක් මාධ්‍ය විසින් වැරදි අර්ථකතනයකින් එළි දැක්වු බවයි.
COMMENTS