දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්" - රවී
Homeප්‍රවෘත්ති

"ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්" - රවී

PropellerAds

"අපි උමා ඔය විදුලි බලාගාරයේ වර්තමාන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණියා. අපට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කරලා, ජාත...

ඉදිරි දින කිහිපයේදීත් වැසි
මියන්මාර් සරණාගතයන්ට පහරදීම - තවත් සැකකරුවකු අත් අඩංගුවට
ඒ දවස් ඉගිළුණිද ? - උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක

"අපි උමා ඔය විදුලි බලාගාරයේ වර්තමාන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණියා. අපට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කරලා, ජාතික විදුලි බල පද්ධතියට ලබාදිය හැකි දායකත්වය ලබාදෙන්නයි. ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කරලා. ඉන් අපේක්ෂිත  මෙගාවොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත උත්පාදන ධාරිතාව මෙගාවොට් 120 කි. ව්‍යාපෘතිය පුහුල්පොල හා ඩයබරා අසල කුඩා ජලාශ දෙකකින් සමන්විත වන අතර, එම ජලාශ දෙක උමගකින් සම්බන්ධ වේ. රන්දෙණියෙහි පිහිටි භූගත විදුලි බලාගාරය හරහා  (transbasin) උමගක් ඔස්සේ, ජලය උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා යොමු කරයි. කිලෝ මීටර 27 ක් දිග ද.වෝ. 132 (kV) සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියක් මගින් මෙම බලාගාරය බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කෙරේ.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 5 29ක් හා රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය සහ ඉරාන රජය මගින් නම් කරන ලද කොන්ත්‍රාත්කරු වන, ෆෙරාබ් බලශක්ති හා ජල ව්‍යාපෘති සමාගම (Farab Energy and Water Project Company) අතර කොන්ත්‍රාත්තුව 2008 අප්‍රේල් මස 28 දින අත්සන් තබන ලද අතර, 2010 මාර්තු මාසයේ සිට කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලැබීය. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් - අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.  

මෙම නිරීක්ෂණ චාරිකාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍යවරයා,

"අද පවතින විදුලි ඇනහිටීම් වලට ප්‍රධානම හේතුව තමයි, යම් යම් හේතූන් මත මෙවැනි ව්‍යාපෘති ප්‍රමාදවීම. අපේ එකම අධිෂ්ඨානය මෙන්ම ප්‍රයත්නය වන්නේ, තිබෙන බාධක, අවහිරතා ඉවත් කරලා, මෙවැනි ව්‍යාපෘති කඩිනමින් නිම කරලා,  විදුලි ජනනය වර්ධනය කිරීමයි "යැයි පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්" - රවී
"ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්" - රවී
http://am.lk/media/k2/items/cache/73597005c6b73d9816e24955a4d02839_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_959.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_959.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy