දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනතාව ඡන්දේ දී පත්කර ගන්නේ ආණ්ඩු නෙවෙයි කුඩා කොල්ල කල්ලි" - ටිල්වින්
Homeප්‍රවෘත්ති

"ජනතාව ඡන්දේ දී පත්කර ගන්නේ ආණ්ඩු නෙවෙයි කුඩා කොල්ල කල්ලි" - ටිල්වින්

PropellerAds

රටේ ජනතාව ඡන්දේ දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත්, ඒවා කුඩා කොල්ල කල්ලි හා හොර කල්ලි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ...

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
ජනප්‍රිය කලාකරුවන්ගේ නම් යොදාගනිමින් නාමල් කළ මගඩියක් එලියට !
මැනුස් දූපතේ කඳවුර වැසීම "ම්ලේච්ඡ කොටුකිරීමක්": ශ්‍රී ලාංකිකයන් "28 දෙනෙකුත්"

රටේ ජනතාව ඡන්දේ දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත්, ඒවා කුඩා කොල්ල කල්ලි හා හොර කල්ලි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

“රට හදන- රට රකින ජනතාවාදී පාලනයක්” යන මැයෙන් රට පුරා පවත්වන ජන හමු දස දහසේ වැඩසටහන යටතේ කොත්මලේ, මෑතගමදී පැවති ජන හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ රජයේ සේවකයින්ට වසර 05 කට සැරයක්  පොඩි වාහනයක් ගන්න පර්මිට් එකක් දෙනවා ඒක අත්හිටෙව්වා. අත්හිටවලා ආණ්ඩුව කිව්වා  ඇමතිවරුන්ටත්  අත්හිටෙව්වා කියල. පට්ටපල් බොරුවක්. මැති ඇමතිවරු ඒ වෙකොට වාහන අරගෙන ඉවරයි. රජයේ සේවකයින්ට මේක ගන්න බැරිවෙන්න නැවැත්තුවා. උඩ කට්ටිය වැඩේ අරගෙන ඉවරයි. පහර දුන්නේ පහළ පන්තියට. ඊළඟට සිමා කරන්න කීවා වියදම්. මේ දවස්වල බලන්නකෝ ජනාධිපති තුමයි අගමැති තුමයි කොහේද ඉන්නේ කියල? දෙන්න මාරුවෙන් මාරුවට රට යනව සීසෝ පදිනව වගේ. ළඟදි ජනාධිපති තුමා ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්න. ගිහිල්ල ආවා එනකොටම අගමැතිතුමා ගියා නෝර්වේ ඔස්ලෝ වලට. එතුමා ලංකාවට ආව ගමන් ආයෙත් ජනාධිපතිතුමා යනවා සීසන්ස් වලට ළඟත් නෙවෙයි. සෑහෙන දුර. මේවට වියදම් කරන්නේ රුපියල් වලින් නොවෙයි ඩොලර් වලින්. ඩොලර් වලින් සල්ලි වියදම් කර කර දෙන්න යනවා මාරුවෙන් මාරුවට රට. නිව්යෝක් වලට ජනාධිපතිතුමා ගියේ කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ ජනාධිපති තුමා. එතුමා යන්න ඕන. ඒ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි කොහොමද ගියේ?. ලේකම් එක්කද? තව උදව් කරන දෙන්නෙක් තුන්දෙනෙක් එක්කද? නෑ. 63 දෙනෙක් එක්ක. ජනාධිපතිතුමා 63 දෙනෙක් අරගෙන ගියා මහජන මුදල් වලින් නිව්යෝක්. පවුලේ කට්ටිය ඔක්කෝමයි. නෝනයි ළමයි ටිකයි. ළමයින්ගේ මහත්තයාලයි නෝනලයි. ඇමති මණ්ඩලයේ ඉන්න යාළුවෝ ටිකයි නෝනලයි ළමයි ටිකයි එක්ක ඔක්කොම 63 ක් අරගෙන ගියා. හැබැයි සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නනේ ජනාධිපති තුමා විතරයි. 63 දෙනෙක් අරගෙන ගිහින් සාප්පු සාවාරි රස්තියාදුවක් ගහල විනෝද වෙලා මෙහෙ ඇවිත් අපට කියනවා වියදම් අඩු කරගන්නලු රුපියල බාල්දු වෙන එක වළක්වා ගන්න. ඒ අය ආදර්ශෙන් මේක කරල නෑ. මේ රටේ ජනතාවට බණ කිය කියා රටේ ප්‍රශ්න විසඳන්නේ නැතුව තමයි මේ අය කටයුතු කරන්නේ.”

“මේ ආණ්ඩුව ආව ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා. බැඳුම්කර වංචාවෙන් කවුද හම්බකර ගත්තතේ? රවි කරුණානායක මහත්තයට ඇමතිකම නැතිවුණා. ඇයි? මහ බැංකුවේ වංචාවට උදව් කරලා ඒ උදව්වට ප්‍රති උපකාර ලෙස අර්ජුන් අලෝසියස්ගෙන් ගෙයක් ගත්තා.  ඒක අහුවුණ නිසා ඇමතිකම නැති වුණා. තව කට්ටියක් ඉන්නවා උදව් ගත්ත අය. මේගොල්ලෝ ආණ්ඩු ගත්ත ගමන් මහජන මුදල් වංචා කළා. ඇත්ත ගත්තොත් අපි ඡන්දේ දීලා පත් කරගන්නනේ ආණ්ඩු නොවෙයි. පොඩි කොල්ල කල්ලි. පොඩි කොල්ල කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය අපෙන් ඡන්දේ ඉල්ල ගන්නවා බොරු කියලා. ඡන්දේ ඉල්ලලා බලය අරගෙන ඒ බලය පාවිච්චි කරල මහජන මුදල් කෝටි ගණනින් කොල්ල කනවා. අපි ඒ අය අවුරුදු 05 කින් අයින් කළාට පසුව අනික් අය එනවා. එන්නේ හොරකන් අල්ලන්න කියලා. හොරකන් අල්ලපු එක්කෙනෙක්වත් නෑ. දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට හොරකන් කරනවා කෙළවරක් නැතුව. මෙතන තියෙන්නනේ හොරා පොලිස් සෙල්ලමක්. අපි ඉස්කෝලේ යන කාලේ දෙපැත්තට බෙදිල කරපු හොරා පොලිස් සෙල්ලම වගේ එක වෙලාවක එක කණ්ඩායමක්  හොරා වෙනවා. අනෙක් කණ්ඩායම පොලිස්. පොඩ්ඩකින් ආයේ නවත්තල කලින් හොරු පොලිස් වෙනවා. පොලිස් කට්ටිය හොරු වෙනවා. දැන් මේ යන්නේ ඒ වගේ එකක්. හොරකම් කිරීම තමයි ඒ අයගේ අරමුණ. කණ්ඩායම් දෙක එකතුවෙලා මහජන මුදල් කොල්ලකන එක මේ කරන්නේ. බලය ගන්න සල්ලි ඕන. සල්ලි තියෙන කට්ටියක් ඇවිත් සල්ලි වියදම් කරලා බලේ ගන්නවා. ඒ බලේ පාවිච්චි කරලා සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි පාවිච්චි කරලා ආයේ බලේ ගන්නවා. මේ ඛෙදවාචකයක් තියෙන්නේ. බලය පාවිච්චි කරලා ධනය හොයනවා. ධනය පාවිච්චි කරලා බලය ගන්නවා. බලය පාවිච්චි කරලා ධනය හොයනවා. මේක කඩන්න ඕන නැද්ද? ඕක කඩනකල් අපේ සල්ලි අපි බදු ගෙවනවා. උන් හොරා කනවා . අපි බදු ගෙවනවා. උන් හොරා කනවා. ඕක තමයි කතන්දරේ.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කොත්මලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී කපිල බණ්ඩාර විජේකෝන් හා අඹගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනතාව ඡන්දේ දී පත්කර ගන්නේ ආණ්ඩු නෙවෙයි කුඩා කොල්ල කල්ලි" - ටිල්වින්
"ජනතාව ඡන්දේ දී පත්කර ගන්නේ ආණ්ඩු නෙවෙයි කුඩා කොල්ල කල්ලි" - ටිල්වින්
http://am.lk/media/k2/items/cache/f726ac9d3ddea853d06b9b4f8ce97734_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_803.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_803.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy